Saturday, September 21, 2024

බිත්තර අර්බුදය තවත් උග්‍රවෙයි ! ගැසට් එකත් විසිවෙයිද ?

Must read

කුකුළු ආහාර සහ ඉන්ධන මිළ පහළ ගියහොත් බිත්තර මිළ අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේය.
පශු සම්පත් නිෂ්පාදකයින්, සංවිධාන හා නියෝජිතයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගිය (19 ) කොළඹ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුනු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය . රටකට සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා බිත්තර පරිභෝජනයෙන් වැඩි පෝෂණ කොටස් ප්‍රමාණයක් ලබා ගත හැකි බැවින් ජනතාවට බිත්තර මිලදී ගතහැකි වන පරිදි බිත්තර මි⁣ළ අඩු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය .
එහෙත් මේ වනවිට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ,බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බවය .

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවූ බව, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති, අජිත් ගුණසේකර මහතා පැවසුවේ පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බවය.

පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබිණි.

දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)