Saturday, September 21, 2024

ආණ්ඩුවේ මර්දන සැලසුම් ගැන ස්ටාලින්ගේ අනතුරු ඇඟවීම සැබෑ වේ

Must read

අරගලකරුවන් මර්දනය කිරීම සදහා ත්‍රස්ත නීති යොදා ගැනීමේ ආණ්ඩුවේ සැලසුමක්

සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙක් අනතුරු අඟවා පැය කීපයක් ඇතුලත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනකු රැඳවුම් නියෝග යටතේ සිරගත කොට තිබේ.

ජනතාවට සහන සලසන ලෙස බලකරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී පෙරේදා (18)  අත්අඩංගුවට ගන්නා ලද වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක ද පසුගිය අප්‍රේල් 9 වැනි දා සිට අරගලයේ සිදු වූ සිදුවීම්වලට අදාලව රැඳවුම් නියෝග යටතේ, රඳවා තබා විමර්ශනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

ftyr

ඒ සමග අල්ලාගන්නා ලද තවත් 16 දෙනකු කොටුව මහේස්ත්‍රාත් උසාවිය විසින් අගෝස්තු 19 වැනි සිකුරාදා ඇප මත මුදා හැර තිබේ.

අරගලකරුවන් සමග දිගටම විරෝධතා පැවැත්වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොටුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ එහිදී නියෝග කළේ ය.

dsfrfe



ආණ්ඩු විරෝධීන් අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා අනතුරු අඟවා සිටියේ  රැඳවුම් නියෝග යටතේ දිගින් දිගට රඳවා තබා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවයි.



” මේ වෙන කොට ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත ඔහුව රදවා ගන්න ගන්න උත්සාහය. අපි දන්නවා මේ නියෝගය මත පැය 72 ක් රඳවා ගෙන ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි, ඔහුගේ අවසරය පරිදි ඊලගට දිගටම ඔහුව රදවා ගැනීමටයි මේ සුදානම් වෙන්නේ,” යයි ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ශිෂ්‍ය නායකයාට එල්ල කිරීමට සුදානම් වන බවටත් මෑත භාගයේ ආණ්ඩු විරෝධී සටන්වල පෙරමුණේ සිටීම නිසා විදේශ ගතවීම තහනම් කොට තිබෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් එහිදී සදහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස පොලිසිය දක්වා ඇත්තේ “රාජ්‍ය විරෝධි වැරදි, කුමන්ත්‍රණ හා වරෙන්තු නිකුත් වීම  “යන්නයි.

“මොකක්ද ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය? මිලියන් ගණනක් ජනතාව තමන් විඳින පීඩාවට එරෙහිව කරපු උද්ඝෝෂණය ආණ්ඩුව පෙරලීමේ කමන්ත්‍රනයක්දැ,” යි ගුරු නායක ස්ටාලින් ප්‍රශ්න කළේය.



ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය කළේ විවිධ චෝදනා එල්ල කරමින් රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාර සහ තරුණ බලවේග දරුණු මර්දනයකට සුදානම් වන බවයි.


ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එම මර්දනය දැඩි ලෙස හෙලා දකිමින් තව අවධාරණය කළේ යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ වරප්‍රසාදය සලසා දෙන GSP+සහනය ලබා ගැනීමේදී වු පොරොන්දු කඩ කරමින් ආණ්ඩුව මර්දනය ක්‍රියාත්මක කරන බවයි.

“GSP සහනය ලබා දීමේදී තිබ්බ පොරොන්දුව මොකක්ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් වැනි ජන විරෝධි, පනත් ගේන්න එපා කියලා. “

යුරෝපා සංගමය විසින් සලසා දී ඇති GSP+ නම් වරණීය බඩු සහනය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන්නේද යන්න ලබන අවුරුද්දේදී නැවත සලකා බැලීමට නියමිතය. 

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)