Saturday, September 21, 2024

මිගමුවේ වැල්ලේ මේ විකුණන්නේ තෝර කෑලිද ?

Must read

(NEGOMBO) මිගමු කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පලේ සිදුකරගෙන යන පාරිභෝගිකයාවත් අන්දවන අලුත්ම ක්‍රමයක් ගැන තොරතුරු මේ වන විට අපට වාර්තා වෙමින් තිබේ.

භුමිතෙල් නැතිකම හේතුවෙන් බෝට්ටු මුහුදු නොයන තත්වය තුල මාළුවල පවතින්නේ දැඩි හිගයකි. එමෙන්ම මිළද අධිකය. මේ පසුබිම යටතේ ඇතැම් වෙළදුන් පොතුබරියන්ගේ ( මුහුදු කුකුළා ) කරවල වල කපා ඉවත් කරන බෙල්ල ආශ්‍රිත කොටසට මාළු ලේම වක්කර රතුපාට ගන්වා කිලෝවක් රු 400 කට විකුණන තත්වයක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි මාළු වෙළද සැගේ ප්‍රතිපත්තිගරුක එක් වෙළෙන්දෙකු කියා සිටියේ මේ කූට වැඩේ නවතා දමන ලෙස මෙය සිදුකරන අයට දැනටමත් දැනුම් දි ඇති බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)