Saturday, September 21, 2024

කළු කොඩි පමණක් එසවුණු ලංකාවේ දිර්ඝතම අඛණ්ඩ විරෝධතාවය …

Must read

ලංකාවේ දිර්ඝතම අඛණ්ඩ විරෝධතාවය ලෙස මේ වන විට ලංකා සමාජ දේශපාලනය එක්ව ඇති උතුරේ අතුරුදන් පවුල් වල දෙමව්පියන් විසින් සනිටුහන් කර තිබුණි.

සිංහ කොඩි නැති කළු කොඩි වලින් පමණක් හැම විටම ලෙළදුන මෙම අරගලයේ 2000 වන දින සැමරුමට ගොල්ෆේස් අරගලයට සම්බන්ධව සිටි විවිධ අංශ වල ක්‍රියාකාරින්ද එක්ව සිටිම විශේෂත්වයක් විය.




මේ පිළිබදව සංජුලා ඔ්ෂිනි සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටනක් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ 2000 වෙනි දිනය. නළු නිළියෝ සෙලිබ්‍රිටිලා නැති, අරගලය පසුබිමේ තමන්ගේ මූණ සෙල්ෆි අරන් ෆේස්බුක් දාන්න වුවමනාවක් නැති, යුක්තිය හොයන මිනිස්සු. අරගල කියන්නේ තමන්ගේ මූණ නොවන බව දකුණේ අරගලකරුවන්ට උගන්වන සාමූහිකව යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන මිනිස්සු.

කෙසේ වෙතත් උතුරේ අරගල ගැන දකුණේ මාධ්‍ය කිසිවිටකවත් ප්‍රමුඛත්වයක් ලබා දි කටයුතු කර තිබුනේ නැත. ජනතාවට පාර කියනවා යැයි කියන ඇතැම් මාධ්‍ය පවා දකුණ සිය මාධ්‍යකරණයේ හතර මායිම ලෙස සටහන් කරගෙන මාධ්‍යකරණයේ නියැලුණි.
මේ නිසාම ගෝල්ෆේස් අරගලය හෝ ඊට සමාන්තරව විවිධ නගරවල ක්‍රියාත්මක වු ගෝඨාගම් ගැන මෙන් කිලිනොච්චියේ දෙමව්පියන් ගැන දකුණට පුවත් වාර්තා නොකෙරුනා පමණක් නොව දකුණේ සමාජ ක්‍රියාකාරින්ට පවා මේ ගැන නිනව් තිබුන බවක් පෙනෙුනේ නැත.
උතුරේ මව්වරන් ගැන පමණක් නොව උතුරේ මෙන්ම නැගෙනහිර මාධ්‍යකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වු මර්ධනයන් ගැන මෙන්ම ඔවුන් ගේ විරෝධතා ගැනද දකුණේ මාධ්‍යයට මෙන්ම බහුතරයක් සමාජ දේශපාලන ක්‍රියාකාරින්ට නිනව් තිබුනේ නැති තරම්ය.මේ යථාර්ථය තුල මාධ්‍ය සංදර්ශණකරණයෙන් එහා ගිය ඇත්ත සැබැදියාවක් උතුරේ සහ දකුණේ අරගල තුල ගොඩනැගිය යුතුව තිබේ.

ඔ්ෂණි සිය ෆේස් බුක් පිටුවේ පසුගිය 12 වනදා තවත් සටහන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයට අදට දින 2000 කි. යුද්ධය අවසානයේ හමුදාව විසින් රැගෙන ගිය කුඩා දරුවන් ඇතුළු දහස් ගණනක් වූ තම ආදරණීයයන්ට රජය විසින් සිදු කළේ කුමක්දැයි සත්‍ය හෙළි කරන මෙන් 2017 වසරේ පෙබරවාරි මස 20 වන දින කිලිනොච්චියේදී මෙම අරගලය ආරම්භ විය. සත්‍ය සහ යුක්තිය ඉල්ලන මේ නිරායුධ නිප්‍රචණ්ඩ අරගලය ආණ්ඩුවල සහ හමුදාවේ තර්ජන, බාධා කිරීම්, බිය ගැන්වීම්, සෝදිසි කිරීම් මධ්‍යයේ අඛණ්ඩව දින 2000 ක් පුරා සිදුවේ. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම බලහත්කාරි අතුරුදහන් කිරීම් වූ රටවල් අතර දෙවන තැන ගත්ත ද, කිසිදු රජයක් එම ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කර නැත. යුක්තිය උදෙසා වන උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ශක්තිමත් අරගලය තුළ මේ මිනිසුන්ගේ අධිෂ්ඨානය කෙරෙහි හිස නමමින් යුක්තිය අගයන මිනිසුන් වශයෙන් අපට අසන්නට ඇත්තේ එකම එක පැණයකි.ශ්‍රී ලංකා රජය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ ජනයා කෝ ? ඔවුන්ට සිදු කළේ කුමක්ද ?

ඡායා – විකල්ප වෙබ් අඩවිය



- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)