Monday, November 25, 2024

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු

Must read

sharethis sharing button

සුනිල් ජයවර්ධන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නියෝජිතයෙකු විය. මූල්‍ය සමාගමක් විසින් ගෙන යනු ලැබූ ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු

නියෝජනය කිරීම සඳහා එම මූල්‍ය සමාගම වෙත ගිය ඔහුව සමාගම ඉදිරිපිටදී පුද්ගලයන් අට දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් ඝාතනය කරනු ලැබීය. මෙම කථාන්දරය දැන් හැම කෙනෙක්ම දන්නා අතර, මේ මොහොත වන විට රට තුළ කතාබහට ලක් වෙමින් පවතියි.

මේ සිදුවීමේදී අරාවුලට හේතු වූ මුදල රු. 35,000 කි. කොරෝනා වෛරස් සහ එයින් ඇති වූ ඇඳිරි නීති තත්වයයන් මත බොහෝ ත්‍රිරෝද රථ හිමිකරුවන් ආදායමක් ලබාගැනීමට අසමත් වූ අතර, ඒ අනුව සිය මාසික වාරික ගෙවීමට ඔවුන් අසමත් වී ඇත. සිය මාසික වාරික ගෙවීමට අසමත් වන අයට මාස කිහිපයක ක්ෂමා කාලයක් ලබාදෙන ලෙසට බැංකු සහ සෙසු ආයතනවලට ප්‍රසිද්ධ උපදෙස් ලබා දී තිබිණි.

මෙසේ තිබියදී සුනිල් ජයවර්ධන ඝාතනය කරනු ලැබුවේ ඔහු මේ ප්‍රශ්නයට මැදිහත් වීමට උත්සාහ කිරීමේදී ය.

සදාචාරාත්මක සහ දේශපාලනික වශයෙන් මෙහිදී වැදගත් කාරණය වන්නේ රු. 35,000 කට මිනිසෙකුව මහ දවාලේ ඝාතනය කළ හැකි වීමයි. නිසැක වශයෙන්ම මෙම ඝාතකයන් මේ ඝාතනය සිදුකරන්නේ පුද්ගලික හේතු මත නොවේ. හුදෙක් ඔවුන් විසින් තමන්ට ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කළා පමණි.

”සදාචාරාත්මක සහ දේශපාලනික වශයෙන් මෙහිදී වැදගත් කාරණය වන්නේ රු. 35,000 කට මිනිසෙකුව මහ දවාලේ ඝාතනය කළ හැකි වීමයි. නිසැක වශයෙන්ම මෙම ඝාතකයන් මේ ඝාතනය සිදුකරන්නේ පුද්ගලික හේතු මත නොවේ. හුදෙක් ඔවුන් විසින් තමන්ට ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කළා පමණි.”

සමාජවිද්‍යාත්මක ගැටළුවක් !

මේ අනුව මෙහිදී අපි වරදේ නීතිමය ගැටළු පිළිබඳ අවධානය යොමු නොකරමු. අපගේ අවධානයට ලක් වන්නේ මේ තරම් සුළු මුදලක් සම්බන්ධ ආරාවුලකට මිනිසෙකු ඝාතනය කිරීම පිළිබඳව ය. මුදල විශාල නම් අපරාධය සාධාරණීකරණය කළ හැකි බව මෙයින් අදහස් නොවේ. නිසැක වශයෙන්ම, ඕනෑම මුදල් ප්‍රමාණයකට මිනිසෙකු ඝාතනය කිරීම සියලු සදාචාර සම්මතයන් ඉක්මවා යන්නකි.

කෙසේ වෙතත්, සාපේක්ෂව කුඩා මුදලක් නිසා මිනිසෙක් මරා දමන විට එය පොදු සදාචාර තහනම් ඉක්මවා යනවා පමණක් නොව රට තුළ සිදුව ඇති මානසිකත්වයන්ගේ වෙනස්වීම් ද හෙළිදරව් කරයි. මේ අනුව, මෙම ඝාතනය සදාචාරමය ගැටළුවක් පමණක් නොව ශ්‍රී ලාංකේය සමාජය තුළ සිදුවෙමින් පවතින පරිණාමනයන් පිළිබඳ සමාජවිද්‍යාත්මක ගැටළුවක් ද වේ.

බරපතළ අපරාධ පිළිබඳ උදාහරණ ස්වල්පයක් මගින් කිසිදු සංස්කෘතියක් හෝ සමාජයක් විනිශ්චය කළ නොහැක. සංස්කෘතියක් යනු වඩාත් ගැඹුරු දෙයක් වන අතර ඒ අනුව ගැටළුව වන්නේ එම සිද්ධිය හෝ එවැනි රට තුළ යම් මොහොතක සිදුවන යම් සිදුවීමක් හෝ සමාන සිදුවීම් මත පදනම් ව විනිශ්චයක් කිරීම නොවේ.

සැබවින්ම ගැටළුව වන්නේ පැරණි සහ සිය සංස්කෘතික සම්මතයන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සංස්ථාපනය කරගෙන තිබූ සංස්කෘතියක් තුළ සුළු කාරණයන් සම්බන්ධයෙන් සිදුවන මෙබඳු ඝාතනයන් අභියෝගයට ලක් නොවී පැවතීමයි.

ආදිවාසී ජනතාව සාමයෙන් ජීවත් වූහ:

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයන්ගෙන් ඉතා පැහැදිලිව ස්ථාපනය කර තිබෙන්නේ මේ රටට වසර 100,000කට වඩා වැඩි ඉතිහාසයක් පවතින බව ය. දේශීය ආදිවාසී ප්‍රජාව දීර්ඝ කාලයක් මුළුල්ලේ සංස්ථාපනය වී සිටියහ. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවක් එකට ජීවත් වන විට, ලිඛිතව නැති වුවත්, හැසිරීම් සම්බන්ධයෙන් මග පෙන්වන යම් නිශ්චිත සම්මතමය රාමු සඳහා පොදු අවබෝධයක් සහ එකඟතාවක් ස්ථාපනය වීම සිදු වේ.

මේ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ආදිවාසී ජනතාව සාමයෙන් ජීවත් වූහ. පසුකාලීනව බුද්ධාගම වැනි ආගම්වලින් ඔවුන් වෙත යහපත් බලපෑම් එල්ල වූ අතර, එමගින් ද ජනතාවකගේ සදාචාරාත්මක ශක්තිය වැඩි කර තිබුණා විය හැකිය.

”මෑතකාලීන ඉතිහාසය පෙන්වා දෙන්නේ සමාජයේ අතිශය ගැඹුරු මට්ටමක බරපතළ බාධාකාරී බවත් ඇති වෙමින් පවතින බව ය.”

කෙසේ නමුත් මෑතකාලීන ඉතිහාසය පෙන්වා දෙන්නේ සමාජයේ අතිශය ගැඹුරු මට්ටමමක බරපතළ බාධාකාරී බවත් ඇති වෙමින් පවතින බව ය. ඒ අනුව ඇතැම් තැනැත්තන් සහ කණ්ඩායම් විසින්, මෙකී මනා ලෙස සංස්ථාපනය වූ සදාචාරාත්මක සම්මතයන්, අතිශය සුළු සහ නොවටිනා දේ සාක්ෂාත් කර ගැනීම සඳහා නොසලකා හරින බවක් පෙනී යයි.

එවැනි කලබලයක් ඇති වීම වළක්වා ගැනීමට නම් එහි භයානක ප්‍රතිවිපාක සමස්ත සමාජයේ කැළඹිල්ලක් ලෙස තේරුම් ගත යුතුය. සමාජයක අභ්‍යන්තර සමතුලිතතාවයකට බාධා කිරීම භයානක බව හැමවිටම සනාථ වී තිබේ. සමාජයකට සිය ජීව ශක්තිය රඳවා ගත හැක්කේ සමාජය එකට බැඳ තබාගන්නා අභ්‍යන්තර සමතුලිතතාවය නොවෙනස්ව පවතින්නේ නම් පමණි.

තනි පුද්ගල මනුෂ්‍යයෙකු සම්බන්ධයෙන් ද මේ තත්වයේ වෙනසක් නැත. සියලු තනි පුද්ගල මනුෂ්‍යයෝ ස්වකීය පරිණාමයේ දීර්ඝ කාලපරිච්ඡේදයක් තුළ සංවර්ධනය කර ගෙන ඇති විභවයන් සමග උපත ලැබුවාහු වෙත්. එම මිනිසුන්ගේ මානසික සහ මනෝවිද්‍යාත්මක සමතුලිතතාවය හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව පරිණාමීය ක්‍රියාවලියක ජයග්‍රහණයක් වේ.

කෙසේ වෙතත් කුමන හෝ හේතුවක් නිසා තනි පුද්ගලයෙක් තුළදී මේ සමතුලිතතාවය කැළඹෙන විට එය එම පුද්ගලයාගේ හෝ සමස්ත සමාජයේ පාලනයෙන් බැහැර වන සියලු ආකාරවල මානසික හෝ සෙසු රෝග පීඩාවන්ගේ මූලය බවට පත් වේ.

විශේෂයෙන්ම 20 වන සියවසේ මනෝවිද්‍යාව සංවර්ධනය වී තිබෙන්නේ ඉතාම අගනා විද්‍යාත්මක ශාඛාවක් ලෙස වන අතර, තනි පුද්ගලයන් තුළ සමතුලිතතාවයට බාධා සිදුවිය හැකි ආකාරය සහ එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක එමගින් දක්වා තිබේ.

කැළඹුණු සමාජයක්

Sunil Jayawardhana Murder

සුනිල් ජයවර්ධනගේ සිදුවීම සහ එයට සමාන සිදුවීම්වලින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකේය සමාජය තුළ සමාන කැළඹිලි ප්‍රකාශනයට පත් වෙමින් පවතින බවයි. එබඳු කැළඹිලි නිතරම ඇතිවන්නේ එයින් අගතියට පත් අය ඒ පිළිබඳව දැනගැනීමට ද පෙර ය.

ඒ අනුව සුනිල් ජයවර්ධනගේ සිද්ධිය මේ ආකාරයේ කැළඹිල්ලක ආරම්භයක් ප්‍රකාශනයට පත්වීමක් නොවේ. ඒ වෙනුවට එය ශ්‍රී ලාංකේය සමාජයේ වඩාත් ගැඹුරේ පවතින වඩාත් ගැඹුරු ප්‍රශ්නයන්ගේ ප්‍රකාශනයකි.

අවසානයේදී එබඳු කැළඹිලිවලින් පෙන්වා දෙන්නේ අප ඈඳී සිටින මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් ය. සමාජ විසින් ඒවායේ සමතුලිතතාවය රඳවා තබාගන්නා විට ජීවිතයේ වටිනාකම පොහොසත් වන අතර, සමාජ සබඳතා ද වඩාත් පරිණත හා මානුෂීය වේ.

එම සමතුලිතතාවය කැළඹී බිඳී යන විට ජීවිතයේ අගයම ඌන වෙයි. ජීවිතය ගැන සමාජීය සංජානය අවප්‍රමාණ වන විට ඕනෑම දෙයක් විය හැකිය. මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ හෝ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හඳුන්වා දීමට තරුණ ජීවිත බිලි දීම ද ඇතුළත්ව වෙනත් ඕනෑම ආකාරයක අපරාධ කැළඹුණු සමාජයක් තුළ සිදුවිය හැකිය.

කෙසේ වෙතත් සමස්ත සමාජය අතිශය කැළඹිලි සහගත තත්වයක පවතින විට එයින් පාසල් සහ සෙසු ආයතන විසින් අපේක්ෂිත බලපෑම සිදු නොකරනු ඇත. ජීවිතයේ සමස්ත වටිනාකම පහළ වැටෙන විට එයින් අදහස් කරන්නේ එම සමාජය තුළ ජීවත් වන සියලු දෙනා සහ පරම්පරා ගණනාවක් විසින් විදහා දක්වන්නේ ද හොඳ නොව නරක යන්නයි.

මේ වන විට සිදුවන සෙසු ඝාතන ගණනාවක් මෙන්ම සුනිල් ජයවර්ධනගේ ඝාතනය ද ගැඹුරු සමාජමය හැඟවුම් සහිත ය. අතිශය විශාල කැළඹීමකට ලක් වූ තත්වයකට ප්‍රවිශ්ට වී ඇති සමාජයක් තුළ ඒවායෙන් ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති නොවන්නට නම් මේවා ප්‍රවේශමෙන් ග්‍රහණය කරගෙන ආමන්ත්‍රණය කළ යුතුය.

සිය සායනවලදී හමුවුණු රෝගීන් පිළිබඳ නිරීක්ෂණ පදනම් කරගෙන කාල් ජුන්ග් විසින් සිදුකළ ලෝක යුද්ධ පිළිබඳ පුරෝකථන මෙහිදී සිහිපත් වේ. හදවතේ සහ මනසේ ගැටළු සම්බන්ධයෙන් සුවිශේෂීතාවය සහ සාමාන්‍යය තදින් බැඳී තිබේ.

(A Statement by the Asian Human Rights Commission)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)