Sunday, September 22, 2024

ත්‍රිරෝද වලට මිටර් සවි කිරිම අද නොවේ හෙට ….????

Must read

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවිකිරීමේ වැඩපිලිවෙල ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බවි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ විධිවිධානවලට අනුව කුලී රථ මනු ආනයනය නිෂ්පාදනය හෝ විකිණීමට පෙර භාවිතයට සුදුසු බවට දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුය.

එවැනි මාදිලි අනුමැතිය ලබාගත් වෙළඳ ආයතනවලට පමණක් මනු විකිණීමට සහ සවිකිරීමට අවසර ලැබෙන බව එම දෙපාර්තමේන්තවේ අධ්‍යක්‍ෂ එස්.එන්. අකුරන්තිලක මහතා කියා සිටියි.

එසේ නොවන වෙළඳ ආයතනවලින් කුලී රථවලට මනු මිලදී නොගන්නා ලෙසද ඉල්ලීමක් කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කුලී රථ මනු පරීක්‍ෂා කිරීමට ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටු වේ. අනුමත කුලී රථ මනු සඳහා විශේෂ ස්ටිකරයක් අලවන අතර එම වැඩපිළිවෙලේ මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මේ අතර ත්‍රිරෝද නිසි ලෙස නියාමනය කිරිම සහ මිටර් සවි කිරිම මිට වසර ගණනාවක සිට යෝජනා වි කාල වකවානු පවා තින්දු කර තිබුන කිසි ලෙසකින් එය ක්‍රියාත්මක වුයේ නැත.

පැවති යහපාලන රජයට පවා ඒය කරගැනිමට නොහැකි තිබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)