Saturday, September 21, 2024

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන කලාපේ සේවිකාවන්ට සහන දෙන්න

Must read

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

“මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් බරපතල පිඩාවට පත් වෙනවා,“යැයි නිදහස් වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් අතර වැඩ කරන මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම [Revolutionary Existence for Human Development] RED සංවිධානය පෙන්වා දෙයි

එම සංවිධානයේ ප්‍රධානි චන්ද්‍රා දේවනාරායන විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන් මුහුණ දෙන මෙම ගැටලුවට සහනදායි වැඩපිළිවෙලක් සකසන ලෙසයි.

වැඩ කරන දිනයන්හි වෙළඳ කලාප කම්කරුවන්ට ඔවුන්ගේ සේවා තත්වයන් අනුව උදේ සිට රාත්‍රිය වන තුරු සේවයේ නිරත බැවින් ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටීමට හෝ තුන්ඩු ලබා ගැනීමට කාල වේලාවක් නොමැති බව RED සංවිධානය පවසයි

“ගෑස් සමාගම් සමග සාකච්ජා කොට ඉරිදා දිනවල ගෑස් බෙදා හැරීමේ ක්‍රමයක් නිදහස් වෙළඳ කලාප වැඩකරන කාන්තාවන් වෙනුවෙන් සකස් කරන්න. ඒ වගේම දැනට අළෙවි නියෝජිතයන්ට ලබා දෙන ගෑස් සිලින්ඩර් 20 වෙනුවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට නිකුත් කරන්න,“යැයි චන්ද්‍රා දේවනාරායන මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලයි

RED සංවිධානය පෙන්වා දෙන පරිදි ඉතාමත් අඩු වැටුපක් ලබා ගනිමින්, කුඩා නේවාසික කාමර වල දිවි ගෙවන මේ වෙළඳ කලාප කම්කරුවන් අද වන ගත කරන්නේ වැඩි වේලක් නිරාහාරවයි.

ආහාර පාන අළෙවි කරන වෙළඳ සැල් ගෑස් හා භූමිතෙල් අර්බුදය හේතුවෙන් වසා දමා තිබේ.කෑම පැකට්ටුවක් සොයා ගැනීම පවා දුෂ්කරය. ඉඳ හිට අසීරුවෙන් හෝ සොයා ගත් එවැනි කෑම පැකට්ටුවක මිල රුපියල් 250 කට වැඩිය. එවැනි මුදලක් දිනපතා දැරීම ද වෙළඳ කලාප කම්කරුවන් ට අසීරු බව මුදල් ඇමතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන්වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)