Saturday, September 21, 2024

අවිෂ්ක ප්‍රනාන්දු ශතකයක් ලද පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

Must read

LPL තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු අද (21 දා) සමත් වුණා.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී පන්දු 65 කදී ලකුණු 100 ක් වාර්තා කරමින් ඔහු මේ සුවිශේෂී ඉනිම වාර්තා කිරීමට සමත් වුණා. එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් ලද දෙවැනි පිතිකරුවා බවට ද පත් වූ අවිෂ්කගේ මේ ඉනිම නිසා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් රැස් කිරීමට සමත් වුණා.

අවිෂ්කට පෙර ශතකයක් වාර්තා කිරීමට සමත් එකම පිතිකරුවා වන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ලොරී එවන්ස් (108) වන අතර ඔහු ගියවර තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස්ට එරෙහිව එම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

මේ අතරම අවිෂ්ක සහ රාමනුල්ලා ගුර්බාස් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක්ද පැවැත්වූ අතර එය මෙතෙක් එල්.පී.එල්. තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සම්බන්ධතාව ලෙසින්ද සටහන් වුවා.

vlogsports.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)