Sunday, September 22, 2024

කොරෝනා පාලනයට නිසි වැඩ පිළිවෙලක් නෑ ! පාසැල් පද්ධතියම අනතුරේ ?

Must read

කොරෝනා පාලනය සම්බන්ධයෙන් නිවරදි ජාතික වැඩපිලිවෙලක් නොතිබුණ මේ රජය නිසා පාසැල් පද්ධතිය පවා දැන් අනතුරකට පත්ව ඇතැයි බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
මේ චෝදනාව එල්ල කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් පවසන්නේ පාසල් පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රමවක් වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නොමැති බවයි.

ඔහු පවසන්නේ, ඒ සඳහා නිසි වැඩපිළවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් පාසල් යළි වසාදැමීමට සිදුවනු ඇති බවය.

“කොවිඩ් ආසාදිත ළමයෙක් ඉන්නවා. ඊට පස්සේ ආශ්‍රිතයින්නට මොකද කරන්නේ ? කොවිඩ් ආසාදිත වෙන ගුරුවරයෙක් ඉන්නවා. ආසාදිතයින්ට මොකද කරන්නේ ? වැඩපිළිවෙළක් නැහැ. පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. ආශ්‍රිතයෝ හරහා තමයි කොවිඩ් අවදානම දිගටම යන්නේ. එතකොට දැනට පාසල් පද්ධතියේ සිදුවෙන්නේ පන්තියක් වහනවා. සමහර වෙලාවට පාසලට ළමයි එනවා. සමහර ළමයින්ගේ දෙමාපියෝ කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ හරහා පැතිරීමක් වෙන්න පුළුවන්. ඒක නිසා කොවිඩ් පැතිරීම පාලනය කිරීම, පාසල් පද්ධතිය තුළ සිදුවන ආකාරයේ වැඩපිළිවෙළත් ශක්තිමත් කරන්න ඕනේ. දැන් තමයි පාසල් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ආරම්භ වෙලා පාසල් ඉස්සරහට යනකොට ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. නිරන්තරයෙන් කියන්නේ පාසල් වැසීම කියන කාරණයට නොවේ, මේ වෘත්තීය සමිති කථා කරන්නේ. පාසල් පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)