Sunday, September 22, 2024

උසාවි නියෝග නොතකා උතුරෙහි දෙමළ අනුස්මරණයන් වැළැක්වීමට ආයුධ සන්නද්ධ යුද හමුදාව යොදවයි.

Must read

මහාවීර සතිය නමින් හැදින්වෙන යුද්ධයෙහිදී මියගිය දෙමළ ජාතික පිරිස් සිහි කිරීමේ සතිය පසුගිය නොවැම්බර් 27 දා ආරම්භ විය. වාර්ශිකව පැවැත්වෙක විවිධ අනුස්මරණය උත්සව වළක්වන සේ ශ්‍රී ලංකා පොලිසිය කළ අභියාචනා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඊට පෙර සතියෙහිය. කොවිඩ් වැළැක්වීමේ මඟ පෙන්වීම් වලට යටත්ව එම අනුස්මරණයන් පැවැත්වීමට අධිකරණය අවසර දුන්නේය.

මිය ගිය ඥාතීන්, හිතවතුන්, හිතවතියන් සහ සටන්කාමී පිරිස් අනුස්මරණය කිරීම වැළැක්වීමට මෙරට නීතියක් නැත.

ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධ අරගලයක යෙදුණූ සහ සිවිල් ජනයා පවා ඝාතනය කළ, සිය මියගිය සටන්කාමීන් සෑම වසරකම කිසිදු තහංචියක් නැතිව උත්කර්ශවත් ලෙස පවත්වයි.

එසේ නමුත් පසුගිය 27වනදා යුද්දයෙහිදී මිය ගිය සටන්කාමී පිරිස් ද ඇතුලුව සියලු දෙමළ ජනයා සැමරීමට දරන ලද උත්සාහයන් මර්දනය කිරීමට මෙම වසරෙහිදීත් ලංකාණ්ඩුව යුද හමුදාව සහ පොලීසිය යොදවන ලදී.

පීටර් ඉලංචේලියන් අත්අඩංඟුවට විරුද්ධව පෑ ඔහුගේ බිරිද

පොලිසිය මුලතිව්හිදී මෙම අනුස්මරණයන්හි මූලිකත්වය ගත් දෙමළ ජාතික සන්ධානයේ තරුණ නායකයකු යන පීටර් ඉලංචේලියන් අත්අඩංඟුවට ගත්තේය. අනුස්මරණයන්ට සහභාගි වෙමින් සිටි ඔහුගේ බිරිඳ පොලිස් අතවරයන්ට ලක් විය. ඇය මියගිය සටන්කාමියකුගේ වැඩිමහල් සහෝදරියකි.

මුල්ලිවයික්කාල් කරා පැමිණෙමින් සිටි යුද හමුදා පිරිස්

ස්ථාන කිහිපයක, සැලසුම්ගත අනුස්මරණ උත්සවවලින් වැලපෙන්නන් වැලැක්වීම සඳහා භට පිරිස් යොදවා තිබූ රැස්ව සිටි සමූහයා අතර විසල්  කෝපයක් දක්නට ලැබුණි. යුද හමුදා පිරිස් පැමිණ සිටියේ නිසි නිල ඇදුම් පවා නොමැතිවය.

එවැනි අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ විනාශ කරන ලද සටන්කාමී පිරිස් මිහිදන් කරන ලද සුසාන භූමියකට ඇතුලුවීමට උත්සාහ කළ පිරිස් සන්නද්ධ යුද හමුදා කණ්ඩායමක්  උලුක්කු කර ගත් තුවක්කු ඇතිව නතර කරන ලද මෙම ජායාරූපය විදුලි වේගයෙන් සමාජ ජාල හරහා පැතිර ගියේය.

එමෙන්ම අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ මුල්ලිවයික්කාල් නාම පුවරුව වීඩියෝ ගත කරමින් සිටි මුලිතිව්හි නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් නොවැම්බර් 27 වැනි සෙනසුරාදා   යුද හමුදාවෙහි දරුණු ප්‍රහාරයකට ලක් විය.

එම ප්‍රහාරය එල්ල කළ යුද හමුදා භටයන් අත්අඩංඟුවට ගන්නා ලද නමුත් සැනෙකින් ඇප ලබා දෙන ලද අතර ඔවුන්ට විරුද්ධ නඩුව යුද හමුදා පොලිසියට බාර දෙන ලදී.

සිවිල් පුද්ගලයකුට යුද හමුදා පිරිසක් විසින් පහර දීම විභාග කළ යුත්තේ සාමාන්‍ය අධිකරණයක දී නමුත් යුද්ධ නීතිය රටෙහි නීතියේ ආධිපත්‍ය අභිබවා ගොස් ඇතැයි දෙමළ මාධ්‍ය ආරංචි  මාර්ග දක්වති.

කූලම්රිප්පු දේවස්ථානය ඉදිරිපිට හමුදාව

මේ අතර පුදිකුඩිඉරිප්පුවේ කූලම්රිප්පු දේවස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ අනුස්මරණ දේව පූජාව කල් දමන ලෙස එහි පැමිණි යුද හමුදා පිරිස් කියා සිටියහ. යුද හමුදාව දේවස්ථානය වටලෑ බවද කියැවේ. පසුව පොලිසිය  පැමිණ අතර, දෙවමෙහෙයන් පැවැත්විමට නිියෝගයක් නැති බව පැවසූ ප්‍රදේශයේ පිරිස් සිය අනුස්මරණ පූජාව පැවැත් වූහ.

තවත් වාර්තාවකින් කියැවෙන්නේ මහාවීර අනුස්මරණය පිළිබඳ  මුහුණු පොතෙහි සටහනක් තබන ලද තරුණයකු පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙන ඇති බවයි.
sinhala.srilankabrief.org

( ජායාරූප සමාජ මාධ්‍ය වෙතිනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)