Saturday, September 21, 2024

ට්‍රැෆික් OIC වත් රෝහල් ගත කළ මුන්දලමේ රිය අනතුර….

Must read

මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාර්ගයේ ගමන් ගත් වාහන දෙකකට යටවී බරපතළ තත්ත්වයෙන් ප‍්‍රතිකාර ස`දහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙන බව දිවයින වාර්තා කර තිබේ.

පුත්තලම – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මුන්දලම පොලීසිය ඉදිරිපිට රථවාහන රාජකාරී සිදු කරමින් සිටි මුන්දලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වන වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇතැයි වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

හලාවත දෙස සිට අධික වේගයෙන් පැමිණ කුඩා ලොරි රථයක් නවත්වන ලෙසට උප පොලිස් පරීක්ෂකවරයා සංඥා කර ඇති අතර ලොරි රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව උප පොලිස් පරීක්ෂකවරයාවද යට කරගෙන ගොස් තිබේ. එම ලොරි රථය පසුව ඉදිරියෙන් පැමිණ ඇති මෝටර් රථයක වැදී නැවතී ඇත. මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන දෙකේම වැදී තුවාල ලබා මුන්දලම රෝහලටත් එතනින් හලාවත මහා රෝහලටත් ඇතුළත් කර තිබුණි.

මෙම අනතුරට සම්බන්ධ වාහන 02 පොලිස් බාරයට ගෙන ඇති අතර,ඒවායේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. මුන්දලම පොලීසිය රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරණු ලබයි.
හලාවත පුත්තලම දක්වා මාර්ගයේ බොහෝ විට සිමා ව ඉක්මවු වේගයෙන් වාහන පැදවිම පුරුදක් කරගෙන සිටින රියදුරන් ඇල්ලිම සදහා මුන්දලම පොලිසිය වේග මාපකයන් ඇතැතිව වාහන වල වේගව නිරි්ක්ෂණය කිරිම නිරත්තරයෙන් සිදුකරමින් සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)