Sunday, September 22, 2024

මත්පැන් නැති, මංගල උත්සව සඳහා 50 දෙනෙකුට හෙට සිට අවසර….

Must read

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරු පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් (15) පසු අවසර හිමි ව තිබෙන බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණි..

මේ අතර මංගල උත්සව පැවැත්වීමේ දී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා පවත්වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමු කරන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)