Sunday, September 22, 2024

සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල ඉහලට ?

Must read

භාණ්ඩ මිළ ඉහල යාම දැන් දිනපතා පුවත් මවමින් තිබේ.ගෑස් මිළ යාමේ ආමාරුව විවිධ ආකාරයෙන් අත්විඳිමින් සිටින ජනයාට දැන් සිනි,ලොකු ළූණු සහ අර්තාපල් මිළ ඉහල යෑම තවත් අපහසුවක් ඇතිකර තිබේ.

සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී ඇති බවත් වෙළෙන්දෝ කියති.

ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දේශීය ලොකු ලූනු සමය ආරම්භ වීම නිසා ලූණු මිල ඉහළ යෑම සාමාන්‍ය තත්වයක් බවත් පසුගිය වසරේ දේශීය ලොකු ලූනු සමයේ උච්චතම කාලය වූ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කිලෝවක් රුපියල් 400 ක් දක්වා ඉහළ ගිය බව ද වෙළෙන්දෝ පවසති.

ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 ත් 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ත් 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති. 
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)