එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් දිනක් තුළ දී මුද්‍රණය කරන ලද විශාලතම මුදල් කන්දරාව ඊයේ දිනයේ දී මුද්‍රණය කර තිබෙන බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි. පසුගිය සතියේ දී රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ, එනම් සදුදා දිනයේ දී රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර තිබේ. බදු ආදායම අහිමි වීම හේතුවෙන් අය වැය හිගය පියවා ගැනීම සදහා මෙසේ මුදල් මුද්‍රණය කර ඇතැයි පැවසේ. මේවනවිට මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බවද වාර්තා වේ.
(Sithara Sajeewani -lankaviews.com)