Sunday, September 22, 2024

රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වුනේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින්ද ?

Must read

වත්මන් රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ලොක්කෙකු පසුගිය දා ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ මැරම් කැවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් බවය.රජයේ ලොකු වගකිමක් දරන සෞඛ්‍ය ප්‍රධානියෙකු වන මේ තැනැත්තා ඉන් අගවා තිබුනේ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් නම් ඝාතනය කළාට කමක් නැති බව නොවේද ?


කෙසේ වෙතත් පසුගිය රාජපක්ෂ පාලනය තුල ස්වයං වාරණයකට ලක් නොවු ඇත්ත ලෝකයා හමුවේ තැබිමට වැඩිම අවදානම් දරු මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අතිබහුතරයක් සිටියේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලය.

ඒ නිසාම රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි (JDS )ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ගොනු කර ඇති ලයිස්තුවේ සිටින මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 කි.
ඉන් 41 දෙනෙකුම දමිළ ජාතිකයන්ය.


මේසේ ඝාතනයට ලක්වු අතිබහුතරයන් දමිල මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකිරිමට පසුගිය යහපාලන රජයට පවා බැරිවිම කිසිසේත්ම සමාව දිය නොහැකි බරපතල කරුණක්ව තිබේ.

dav



කෙසේ වෙතත් දකුණේ අති බහුතරයන් සමාජ දේශපාලන ක්‍රියාකාරින් හා සංවිධාන පවා , රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු දමිල මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණය සිය න්‍යාය පත්‍රවල අංක එකට කිසි දිනක තබා තිබුණේ නැත.
උතුරු නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණ යනු දකුණේ මාධ්‍ය සංවිධානවල මේසය මත තබන කේක් ගෙඩියේ අසින් මෙන් විය.
ඒ සංවිධාන විසින් සංවිධානය කරනු ලබන විවිධ සාකච්ජාවලට කථා මේසයට දමිල මාධ්‍යවේදියෙකුද සිටි නම් ඉන් සෑහිමකට පත්විමට මේ බොහෝ දෙනා කටයුතු කර තිබුන අයුරු අපට මතකය.

දැන් යළිත් වටයකින් මාධ්‍ය මර්ධනය පොලිස් නිතිය ඉදිරියට දමා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සිදුවෙමින් තිබේ.දකුණ කරාද එය ක්‍රමයෙන් ඇතුලු වෙමින් තිබේ.

රාජපක්ෂ පාලනය විසින් පළමු වරට මාධ්‍යවේදියෙකුගේ ජිවිතය බිලිගත් සිදුවිම වාර්තා වුයේ 2006 ජනවාරි 5 වෙනිදාය.

එදා රාජපක්ෂ පාලනයේ හමුදාව විසින් තරුණයන් 5 දෙනෙකු ත්‍රිකුණාමලයේදි ඝාතනය කර තිබුණි.



දකුණේ ජනමාධ්‍යයන් විසින් මේ ඝාතනය ගැන අතේ රෝල් ලියමින් හමුදාවට ගහන්නට ගෙනා අත්බෝම්බයක් පිපිරි යැමෙන් මේ සිසුන් ඝාතනය වු බව කිවේය.
එහෙත් එදා ත්‍රිකුණාමලයේ සිටි එක් ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදියෙකු දකුණේ අතේරෝල් මාධ්‍ය පචයන්ටද අභියෝග කරමින් මේ සිසුන් 5 දෙනා ඝාතනය වි ඇත්තේ වෙඩි තැබිමකින් බව ඡායාරූප සාක්ෂි සහිතවම ඔප්පු කර පෙන්වා දෙන ලදි .
සුගිර්තරාජන් නම් වු මේ මාධ්‍යවේදියාට මේ හෙළිදරව් කිරිම නිසාම 2006 ජනවාරි 24 වෙනිදා සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවිය.

රාජපක්ෂලාගේ මිනිමරුවන් විසින් ඔහුව වෙඩිතබා ඝාතනය කර තිබුණි.
තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදින් යැයි අර සෞඛ්‍ය ලොක්කා හදුන්වා දි තිබුණේ සත්‍ය වෙනුවෙන් සිය ජිවිත වලින්ම වන්දි ගෙවු ශේෂ්ඨ පිරිසක් බව රාජපක්ෂ පාලනයේ තනතුරු බුදින බත්බැලයන් නොදන්වා විම අරුමයක් නොවේ.

සත්‍ය වෙනුවෙන් ජිවිතය පවා පූජා කරමින් මාධ්‍යකරණයේ යෙදුන අභිත මාධ්‍යවේදින්ගෙන් පිළිබදව කරන ලද අමන ප්‍රකාශය ගැන දකුණේ මාධ්‍ය සංවිධාන විසින් රාජපක්ෂ බත්බැලයන්ට සමාව ගන්නට යැයි කියා සිටිමද සැබැවින්ම තවත් නිගරුවකි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)