Sunday, September 22, 2024

කටුනායකදි රු ලක්ෂ 15 ක ඇඳුම් සොරාගත් පිරිසක් අත්අඩංගුවට ..

Must read

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් 5ක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දෙරණ වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, සැකකරුවන් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගෙන ඇති බවය.

සැකකරුවන් විටින් විට අදාළ ගබඩාවෙන් කාන්තා නිමි ඇඳුම් කට්ටල 1,079ක් සොරාගෙන ඇති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

එලෙස සොරාගත් නිමි ඇඳුම් කට්ටලවලින් 162ක් මේ වන විට සොයාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සොරකම පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ම සේවය කළ පුද්ගලයින් 5දෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (20) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුලාශ්‍රය – දෙරණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)