Sunday, September 22, 2024

උතුරේ මළවුන් සැමරිමට දිගටම බාධා …..

Must read

යුද්ධයේ අවසන් දින කිපය තුල ඝාතනයට ලක්වු සිය අදරැතියන් සැමරිම වෙනුවෙන් දමිල ජනයා මැයි 18 වෙනිදා යොදාගෙන තිබුණ අතර එය මුල්ලිවයිකාල් ස්මාරකය අබියස සිදුකිරිමට නියමිතව තිබුණි.

මේ සැමරුම සදහා තහනම් නියෝගයක් ලබාගැනිමට පොලිසිය කටයුතු කර තිබුණද පසුව සැමරුම් සංවිධානය කරන ලද එකතුන් වල නීතිඥයන් විසින් අධිකරණය හමුවේ යළිත් කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව නිරෝධායන නිති රකිමින් සැමරුම පැවැත්විමට අධිකරණය විසින් අවසර දි තිබුණි.

එහෙත් රජය විසින් ඊයේ රාත්‍රි 11 සිට මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාශ 3 ක් හුදකලා කිරිමත් සමගින් මුල්ලිවයිකාල් සැමරුම සැලසුම් කරන ලද පරිදි සිදුකිරිමට සිය ඥාාතින්ට සහ දමිල ජනයාට නොහැකි විය.

මේ නිසාම විවිධ කොටස් විවිධ තැන්වල මුල්ලිවයිකාල් සැමරුම පවත්වනු ලැබු අයුරු මේ වන විටත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරුතුරු තුල අන්තර්ගතය

මේ අතර හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන සිවාජිලිංගම් යාපනයේ පිහිටි සැමරුම් ස්ථානයක් කරා ගොස් මළවුන් සැමරිමට යාමේදි හමුදාවේ දෙදෙනෙකු විසින් එයට බාධාකරන අයුරු දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සැරසරමින් තිබේ.
එමෙන්ම මේ සිදුවිම වාර්තා කරමින් සිටි මාධ්‍යවේදින්ටද හමුදාව විසින් තර්ජනය කරනු ලබන ආකාරය මෙහිදි ඉතාමත් පැහැදිලිය

එය දුටු විට හැගෙන්නේ මේ හමුදා භටයන් හට දි ඇති උපදෙස් වල බියකරු බවය.
මළවුන් සැමරිම ඕනෑම සංස්කෘතියට අයත් දෙයකි. එයට කව්රුන් හෝ බාධාවන් පමුණුවන්නේ ඒ අය කිසිසේත්ම ශිෂ්ඨසම්පන්න සංස්කෘතියක කොටස්කරුවන් නම් නොවනු ඇත.

මළවුන් සැමරිමට එරෙහිව හමුදාවෙන් බාධා ( විඩියෝ ) https://www.facebook.com/102224987918978/videos/768858103827414

මුලාශ්‍රය සහ විඩියෝ -www.yarlvoice.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)