Sunday, September 22, 2024

කොරෝනා ගැන ඇත්තම තත්වය ඇමති සුදර්ශණි කියයි !

Must read

කොරෝනා ඇති තතු ගැන සැම විටම මහජනයා දැනුවත් කිරිම ඉතාමත් වැදගත් වන්නේ ඒ නිවරදි දැනුවත්භාවය එහි සැබෑම තත්වය තේරුම්ගැනිමට ඉන් හැකියාව ලැබෙන බැවිනි.


එහෙත් ඇතැම් දේශපාලකයන් පවතින වසංගත තත්වය හමුවේ විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් හිතලු කථා කියමින් සිටිති.


මේ අතර මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇති බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබුණි.
රාජ්‍ය අමාතවරිය සඳහන් කළේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවය.

තවද PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය විසින් අවධාරණ කර තිබේ.
දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති බවට වාර්තා වන බවයි ඇය සඳහන් කර තිබුණි

තවද ඉදිරි සති 2-3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටීයාය

එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය

නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බවයි ඇය මෙහිදී අවධාරණය කරන්නට යෙදුණි

මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන් ප්‍රතාකාර සඳහා බව ද ඇය සඳහන් කර සිටියාය.

මේ අතර ගෙවණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1939ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 14කි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)