Sunday, September 22, 2024

කොරෝනා විවාදය සහ සජිත්ගේ දේශපාලන සටන් විරාමය …

Must read

කොරෝනා අවදානම හේතුවෙන් රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (4 ) පැවැත්වීමට නියමිතය

විවාදය අද පෙරවරු 11ට ආරම්භ වී  පස්වරු 5.30දක්වා පැවැත්වෙනු ඇත .

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ   ජාතික සමගි බලවේගය විසිනි .

මේ අතර විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස රට තුළ දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දේශපාලන සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
ශ්‍රී ලාංකිකයින් වසංගතයෙන් ගලවා ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙස රජයෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියැයිද එහි සදහන්ය.

කොරෝනා වසංගතය හේතුවෙන් රට අස්ථාවර වී ඇති බව පෙන්ව දෙන විපක්ෂ නායක ප්‍රේමදාස කියා සිටියේ රටේ මිලියන 20 ක ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගැනීම සඳහා ඔවුන් දේශපාලන ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම අර්බුදය තුළ ඔවුන්ගේ මතභේද පසෙකට දමා ජනතාව බේරා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා ඇත.

අද ලංකාව මුහුණ දි ඇති මේ අර්බුදය හමුවේ පැහැදිලි වෙමින් ඇති ඒක කරුණක් තිබේ. එනම් පවතින තත්වය දුරදක්නා නුවණින් දැක විග්‍රාහාත්මක වෘත්තිමය ප්‍රවේශයක් ගතහැකි නායකයන් නැති බවය.


ඒ වෙනුවට ඇත්තේ එකි නෙකාට දෙවෙනි නොවන දේශපාලකයන් රැලකි.
රටක දැනටමත් අර්බුදයකට ඇද දමා ඇති වත්මන් පාලනය කොරෝනා වසංගත තත්වය නිසි ලෙසින් කළමණාකරණය කරගත නොහැකිව ජනතාවගේ ජිවිත බිල්ලට දෙමින් සිටි.

ජනතාවට ඇත්තට ආදරේ කරන අයෙක් නම් කළයුතුව ඇත්තේ මෙවන් අදුරදර්ශි සංදර්ශනවාදි උද්දච්ච පාලකයන් සමගින් දේශපාලන සටන් විරාමයකට යාමද ,ජනතාව ගේ පැත්තේ සිට මේ වසංගතය විසදාලිමට විද්‍යාත්මක ප්‍රවේශක් සදහා ජනතාව නිසි නායකත්වය දිමද යන ප්‍රශ්ණය යළිත් වරක් මතුව තිබේ.
ගණිතඥයෙකු අවැසි තැනට නැට්ටුවෙකු පැමිණියා යැයි කියා ඇතිවන සෙතක් නැති බව නම් පැහැදිලිය
කොරෝනා අර්බුදය මුහුණ දිමට කළ යුත්තේ කුමක්ද යන්න එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ මාර්තු 24 වනදා කරන්නට යෙදුන ප්‍රකාශය රජය පමණක් නොව විපක්ෂ නායකයා පවා කිසිදු අවධානයකට යොමුකර නැති බව එදාටත් වඩා අද හොදින් දැනෙමින් තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)