Sunday, September 22, 2024

කොවිඩ් : ඉන්දීය සිනමාවට තවත් මැණිකක් අහිමි වෙයි

Must read

messenger sharing button

ප්‍රවීන දමිළ සිනමාවේදී, කැමරා අධ්‍යක්ෂ කේ.වී. ආනන්ද් අද (30) සිය දිවි ගමන නිමා කර තිබෙනවා.   කොවිඩ්-19 වෛරසයෙන් ඇතිවූ සංකුලතා නිසා ඔහුගේ මරණය සිදුවී ඇති බවයි The Indian Express වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

  54 හැවිරිදි ඔහුගේ අවසන් කටයුතු චෙන්නායි හි බේසන්ට් නගර් නම් ආදාහනාගාරයේ දී සිදු කර තිබෙනවා.   ආනන්ද්, සම්මානිත කැමරා අධ්‍යක්ෂ පී.සී. ශ්‍රිරාම්ගේ සහය කැමරා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමට පෙර සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ නිදහස් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් ලෙසිනි.     

ශ්‍රිරාම් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණු 90 ගණන්වල නිර්මාණය වුණු කමල් හසන්ගේ  “දේවර් මගන්” සහ මනි රත්නම්ගේ “තිරුඩා තිරුඩා” චිත්‍රපට සඳහා කේ.වී. ආනන්ද් සහය කැමරා අධ්‍යක්ෂණයෙන් එක්වී තිබුණි.  

කැමරා අධ්‍යක්ෂවරයා ලෙස දායකත්වය ලබාදුන් සිය කුළුඳුල් සිනමාපටයෙන්ම හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි ඉන්දීය ජාතික සිනමා සම්මානය 1995  දී ඔහු දිනා ගත්තේ ය. ඒ මෝහන්ලාල් සහ ශෝබනා රංගනයෙන් එක්වූ “තෙන්මාවින් කොම්බත්” සිනමාපටය වෙනුවෙනි.   

එසේම, 2007 දී සිවාජි සිනමාපටය වෙනුවෙන් කැමරාකරණය උදෙසා ෆිල්ම්ෆෙයා සම්මානයකින් ද පිදුම් ලැබුවේ ය.   මින්නාරාම්, පුණ්‍ය භූමි නා දේසම්, කාදල් දේසම්, චන්ද්‍රලේඛා, නායක්, බෝයිස්, කාකි, ද ලෙජන්ඩ් ඔෆ් භගත් සිං, සිවාජි වැනි ප්‍රකට චිත්‍රපට රාශියකට ඔහු කැමරාකරණයෙන් දායක වී ඇත.    කේ.වී. ආනන්ද් අධ්‍යක්ෂණය කළ සිනමාපට අතරට ධනුෂ් ප්‍රධාන චරිත රඟපෑ ඇනිගන්, සේදුපති ප්‍රධාන චරිත රඟපෑ කාවන්, සූර්යා, මෝහන්ලාල්, ආර්යා ප්‍රධාන චරිත රඟපෑ කාපාන් ඇතුලත් වේ.
  (අවාරා)

k.v.jpg Covid

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)