Sunday, September 22, 2024

ලංකාව අවදානම්? සිංගප්පුරුවෙනුත් තහංචි !

Must read

වත්මන් පාලකයන් විසින් රට මුහුණ දි ඇති ඇත්ත තත්වය ගැන නිසි තක්සේරුවක් කරගෙන නොමැතිවුවද ලෝකයේ වෙනත් රටවල් පවා ලංකාව තුල වර්ධනය වෙමින් ඇති අවදානම නිසි ලෙසින් තක්සේරු කොට ගෙන ඇතැයි පෙනේ.
පසුගිය දා ඉතාලි රජය ලංකාව ගැන තීන්දුවක් ගෙන තිබුණි.
මේ වන විට සිංගප්පුරුවද ලංකාව ගැන තක්සේරුවකට පැමිණ ඇතිවා සේය.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)