Sunday, September 22, 2024

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් ! රෝගී ජීවිත අනතුරේ …

Must read

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරන බව වැඩිදුරටතත් එහි සඳහන්ය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

අරුණ වෙබ් අඩවිය විසින් වාර්ථා කර ඇති මෙම පුවතට අනුව වගකිවයුත්තන් වහා මේ සදහා මැදිහත්විය යුතුව තිබේ

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.

මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.

රටතුල මතුවෙමින් ඇති මේ තත්වයන් ගැන කඩිනමින් මැදිහත්වෙමින් නිසි පිළියම් යෙදිමට අදාල සියළු බලධාරින් සාමුහික ක්‍රියාවලියට යොමුනොවන්නේ නම් ඉදිරියේදි ඇතිවන බරපතල තත්වයන් හමුවේ එය කළමණාකරණය කර ගැනිම තවත් අපහසු වනු ඇත.
මේ වන විට ඉන්දියාව තුල මතුව ඇති තත්වය සැබැවින්ම බියකරුය.
පසුගිය ගිය දිනවල සිදුකරන්නට යෙදුන සමිපක්ෂණයකට අනුව මැයි මාසයේ මැදපමණ වන විට ඉන්දියාවෙන් වාර්තා විය හැකි දෛනික කොරෝනා රෝගින් ගණන ලක්ෂ 4.4 ක් වනු බවට අනුමාන කෙරේ.
දැනට දෛනිකව වාර්තා වන ලක්ෂ 3.5 පමණ වේ

(මුලාශ්‍රය – අරුණ )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)