Sunday, September 22, 2024

යාපනේ නගරාධිපති අත්අඩංගුවට …

Must read

නගරයේ පිරිසිදුකම සහ පිළිවෙල වඩාත් හොදින් රැක ගැනිම සදහා නාගරික පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට යාපනය නගරසභාව පසුගියදා පියවර ගෙන තිබුණි.
එය නිළ වශයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුනේ ඊයේ(08) දිනයේදිය.
මේ ඒකකය සදහා සෞඛ්‍ය අංශයේ සේවය කළ 5 දෙනෙකු යොදවා ගෙන තිබුණ බව නගරාධිපතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

ඔහු පෙන්වා දුන්නේ කොළඹ මහ නගර සභාවේ ආදර්ශමත් වැඩකටයුතුවලින් පසුව මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.


කොළඹ ක්‍රියාත්මක රථගාල් වැඩසටහන


මේ අතර යාපනය නාගරික පොලිස් ඒකකය සදහා සකස් කර තිබුන නිල ඇදුම එල්.ටි.ටි.ඊ සංවිධානයේ පොලිසිය විසින් භාවිත කළ ඇදුමට සමාන එකක් බවට ලැබුණ පැමිණිලි මත යාපනය පොලිසිය විසින් මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාද ඇතුළු තවත් නිළධාරින් පසුගියදා දිර්ඝ ලෙසින් ප්‍රශ්ණ කර ඇත.
මේ අතර ඊයේ(08) රාත්‍රියේ නගරාධිපති නිතිඥ මනිවානන් ගෙන්ද ප්‍රශ්ණ කිරිම ආරම්භ කර තිබුණ අතර අද අලුයම 2.15 පමණ ඔහුව ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාවට රැගෙන ගොස් අතැයි යාපනය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක මාධ්‍ය විසින් අද වාර්තා කොට තිබේ.

යාපනය මහනගර සභාව විසින් හදුන්වා වැඩසටහනේ නිළධාරින්
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)