Sunday, September 22, 2024

සුපිරි බොලිවුඩ් නිළි ආලියාටත් කොරෝනා ….

Must read

පසුගිය දින කිපය තුල සුපිරි ඉන්දිය චරිත කිපයක්ම කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත්ව තිබුණි.
ඒ අතරට එක්වු බොලිවුඩ් සුරූපිනී ආලියා බාත්ද දැන් කොරෝනා ආසාදියකි.

ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේ සමාජ මාධ්‍ය හරහා ආලියා තැබූ සටහනක් ද ප්‍රසිද්ධියට පත් කරමිනි.

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වුණා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ.

ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූවාය.

අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.

එපමණක් නොව, ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. ඒ, පසුගිය මාර්තු මාසයේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)