Sunday, September 22, 2024

වාසුගේ ආශ්‍රිත මන්ත්‍රින් 10ක් ? ඒත් තාත්තිට අවුලක් නෑ …..

Must read

කොවිඩ් – 19 ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 10ස දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙන බව ලංකා ටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එහි වැඩිදුරත් මෙසේද සදහන් වෙයි

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී 05, 06, 07 සහ 08 යන දින 04ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම මන්ත්‍රීවරු 10ස දෙනාට මේ වනවිටත් නිරෝධායනය සඳහා යොමුවීමට උපදෙස් ලබාදී ඇතැයි වාර්ත වේ.

එමෙන්ම අමාත්‍යවරයා පසුගිය 05 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හි සම්මන්ත්‍රණයකටද සහභාගි වී සිට ඇත.

ලබන 13 සහ 15 යන දිනවල දී පෙ.ව 10 සිට පස්වරු 03 දක්වා PCR පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයා දන්වා තිබේ.

මීට පෙර රවුෆ් හකීම් මන්ත්‍රීවරයාද ආසාදිතයෙකු ලෙස වාර්තා වූ අතර ඔහුගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු හඳුන්ගෙන තිබිණි.

මේ අතර පසුගිය දින 10 ඇතුළත අගමැති මහින්ද රාජපක්ෂ සහ කොරෝනා ආසාදිත සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ අතර සමිප හමුවීමක් සිදුව නැතැයි අගමැති කාර්යාල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ පවසයි.

නමුත් කොරෝනා ආසාදිත හෙට්ටිගේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ අගමැති කාර්යාලයේ නිළධාරීන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව යෝෂිත රාජපක්ෂ වැඩි දුරටත් පවසයි.

වසර ගණනාවක් පුරාවට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකු වුවත් ඔහුගේ දේශපාලන සම්බන්ධතා පිලිබඳ සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගෙට අරලියගහ මන්දිරය තුළ සිට සිදු කිරීමට කිසිදු වගකීමක් නොතිබූ බව වාර්තා වේ.
මුලාශ්‍රය -lankatruth .com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)