Sunday, September 22, 2024

රත්නපුරය අධි අවදානම්..?කුරුණෑගල 4 වන මරණයත් වාර්තා වෙයි.

Must read

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවට එක් වෙමිනි.

රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර් සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.

මුස්ලිම් පල්ලි වසා දැමේ

අද (18) සිකුරාදා දිනයේ රත්නපුර නගර සීමාවේ සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට කමිටුව විසින් තීරණය කරන  ලද අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් බැතිමතුන්ගෙන් තොරව සිදු කරන ලෙස කමිටුව ඉල්ලා සිටී.

රත්නපුර සෙලාන් බැංකු හංදියේ සිට ඩිපෝ හංදිය දක්වා සියලු කඩ සාප්පු වසා දැමීමට තීරණය කරන ලද අතර ජනතාවගේත්, වෙළඳ ප්‍රජාවගෙත් ආරක්ෂාව සඳහා එම කඩ සාප්පු වසා තබන ලෙස  සියලු වෙළඳ ප්‍රජාවගෙන් කමිටුව ඉල්ලා සිටී.

පවතින අවදානම් තත්වය හමුවේ රත්නපුර නගරයේ පාසල් 03ක් මෙම මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කරන ලදී. එම පාසල් නම්,

01.රත්නපුර සීවලි මහ විද්‍යාලය

02.ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය

03.රත්නපුර අල්මකියා විද්‍යාලය යි.

සියලු මැණික් ව්‍යාපාරිකයන් අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ තම ව්‍යාපාර සඳහා භාවිත නොකරන ලෙස කමිටුව දැනුම් දෙන අතර ඒ සඳහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

රත්නපුර නගරය ආශ්‍රිතව පදික වෙළඳාම ද පවතින තත්වය හමුවේ තහනම් කෙරේ. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයට තවදුරටත් සංචරණ සීමා බල පැවැත්වේ. රත්නපුර මේ වන විට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 572 කි.

පවතින අවදානම් තත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ්‍රිතව සංචරණ සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රත්නපුර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම අවස්ථාවට රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා, රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.පී.ආර් අමරකෝන් මහතා, රත්නපුර සහකාර පොලිස් අධිකාරි ඒ.එච්.නිශ්ශංක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

කුරුණෑගල සිවුවැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන කොරෝනා වාරයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ සිවුවන මරණය ඊයේ (17) රාත්‍රියේ  වාර්තා විය.

හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා සඳහා පෙරේදා (16) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.
මුලාශ්‍රය- ada.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)