Sunday, September 22, 2024

කොරෝනා නිසා උතුරේ පාසැල් 257 ක් සහ වව්නියා අධිකරණ සංකිර්ණයද වසා දැමේ

Must read

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් යාපනය හා වව්නියාව දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප හතරකට අයත් පාසල් දෙසිය පනස්හතක් නැවත දැනුම් දෙනතුරු වසා දැමුණු බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්. ඉලංගෝවන් ඊයේ (15දා) පැවසු බව අරුණ පුවත්පත වාර්තා කොට තිබේ.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත යාපනය වලිකාමම්, වව්නියාව උතුර හා දකුණ අධ්‍යාපන කලාපවල පාසල් 257 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවද හෙතෙම කියා ඇත

මේ අතර වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ, රජ‌යේ අධිනීතිඥවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමගය.

ඒ අනුව මහධිකරණ විනිසුරුතුමන් ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අද (16) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇතැයි අරුණ වෙබ් අඩවිය අද වාර්තා කොට තිබුණි

වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ වවුනියාව රජයේ අධි නීතිඥවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයාට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ වවුනියාව මහාධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.

අනතුරුව රජයේ අධිනීතිඥවරයාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග දිසා අධිකරණය මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
මුලාශ්‍රය – අරුණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)