යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු මන්ත්‍රීවරයාව ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.
එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
newscenter.lk


