Sunday, September 22, 2024

පොලිසිය හමුදා අනසකට යට කිරීම ගැන අභ්‍යන්තර විරෝධයක්!

Must read

messenger sharing button

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස හිටපු නාවික හමුදා ප්‍රධානියකු පත්කර අනතුරුව එම අමාත්‍යංශයේ ලේකම් ලෙස යුධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයින් රැසක් ද දැඩිලෙස කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.    ශ්‍රී ලංකාවේ පරිපාලන යාන්ත්‍රනය මිල්ටරිකරණය වෙමින් තිබෙන බවට ජාත්‍යන්තර වශයෙන් චෝදනා නැගෙමින් තිබෙන මොහොතක මෙලෙස අමාත්‍යංශ ඉහල තනතුරු සඳහා තව තවත් හමුදා නිලධාරීන් පත්කිරීම නුසුදුසු බව ‘නොනිල උප ජනාධිපති’ ලෙස සැලකෙන ආණ්ඩුවේ ප්‍රබලයකු රජයේ ඉහලම නිලධාරීන් කිහිප දෙනෙකු සමග පසුගියදා ප්‍රකාශකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.    ජනාධිපතිවරයා විසින් විසිවන ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබුන බලතල යටතේ, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ස්ථාපිතකොට, පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ අමාත්‍යංශය යටතට පත්කරනු ලැබිය.  

Gazette

නොවැම්බර් 26 දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයබාර අමාත්‍යවරයා ලෙස ‘වියත්මග’ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පත්කළ ජනාධිපතිවරයා, ඉන් අනතුරුව එම අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කළේ ඔහුගේ සමීපතම හමුදා සගයකු වූ ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් ය.    පොලිසිය මෙහෙයවීම සඳහා මෙසේ හමුදා නිලධාරීන් යෙදවීම ගැන පොලිසියේ ජ්‍යෙෂ්ඨයින් අතර ද බලවත් අසතුටක් පලවී තිබෙන බව වාර්තාවේ.   ජනාධිපති හා අනෙකුත් අමාත්‍යවරුන් ගමන් බිමන් යාමේදී ප්‍රභූ ආරක්ෂා රථයක් පමණක් යොදා ගනු ලැබුවද සරත් වීරසේකර පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස පත්වූ දිනයේ සිටම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විශාල පිරිසක් සමග ප්‍රභූ ආරක්ෂක රථ පෙළපාලියකින් ගමන් කිරීම අමාත්‍යවරුන් සියලුම දෙනාගේ ම හාස්‍යයට ලක්ව තිබේ.   විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වන විටත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.   පොලිසිය මුළුමනින්ම සුද්ද කිරීම තමන් වෙත පැවරී ඇති වගකීම බව එම හමුදා නිලධාරීන් දෙදෙනාම පවසා ඇත.       ”පොලිසිය කණපිට ගහනවා” – රියර් අද්මිරාල් කියයි !

Police Army

සිය අමාත්‍ය ධුරයේ වැඩබාර ගැනීමෙන් පසු අන්තර්ජාල යූටියුබ් නාලිකාවක් සමග පැවති සංවාදයක දී අමාත්‍ය සරත් වීරසේකර දැඩි ආවේගයෙන් යුතුව අවධාරණය කර සිටියේ, ”කණපිට ගහල හරි පොලීසිය හදනවා” කියාය.   ඒ සඳහා තමා පොලිසියේ දූෂිත හා අකර්මණ්‍ය තැන් ඉතා ඉක්මනින් සුද්ධ පවිත්‍ර කරන බවද නව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හා පාතාලය සමඟ පැවැත්වූ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතා සියල්ලම සොයා බලන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.  
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)