Sunday, September 22, 2024

සිසිර ජයකොඩි පැණි ඇමති වෙන ලකුණු ..රිටිගල පැමිණියටත් අනුග්‍රහය දුන්නාලු ..

Must read

කලදුටු කළ වල ඉහගත් ලෙසින් කොරෝනා වෛරසය හා බැදුනු විවිධ ව්‍යාපාර මේ වන විට රටපුරා මතුවෙමින් තිබේ.
සැන්ටයිසර් වලින් සහ මාස්ක් වලින් ඇරඹුණු මේ ව්‍යාපාර නාමාවලිය දැන් ගමන් කරමින් ඇත්තේ පැණි වර්ග දෙසටය.

රාවන සහ විජය බා රජ සමයන්වලදී පවා යුද්ධවලදී සොල්දාදුවන් අඩ බපන කිරීමට භාවිතා කළ වෛරස් නැතිකිරීමේ හැකියාව පවා තිබුණු වෙද පරම්පරාවකින් පැවත එන තමන් ඔරිජිනල් රාවණ පැණිය හැදූ බව රිටිගල ගුරුන්නාන්සේ නම් පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එම රජ සමයන්හිදී භාවිතා කළ විශ වායූන්ද තිබූ බවයි. එහෙත් මෙම අභියෝග ජයගෙන විෂ වායු සහ වෛරස් මර්ධනය කිරීමේ හැකියාවක් තිබෙන බලගතු රාවණ පැණිය මේ වනවිටත් තමන් සතුව තිබෙන බව ඔහු හෙළිකර තිබේ.

කෑගල්ලේ කොරෝනා පැණිය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට විශාල අනුග්‍රහයක් දැක්වු රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මෙම රටිගල ඕරිජිනල් කොරෝනා පැණිය සඳහාද අනුග්‍රහය දැක්වූ බව මාධ්‍ය හමුවේදී රිටිගල ගුරුන්නාන්සේ නම් තැනැත්තා ප්‍රකාශකරයි.

Share on FacebookShare on TwitterShare on Linkedin

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)