Sunday, September 22, 2024

ජිවත් වෙන්න බැංකු කඩන්න වෙයිද දන්නේ නෑ ?

Must read

( 9.30 am ) කොරෝනා වසංගත තත්වය රටේ දැවැන්ත ජිවත්විමේ අර්බුදයක් නිර්මාණය කර තිබේ.
එය සැම ක්ෂේත්‍රයකටම බලපා තිබේ.
කොටින්ම කියන්නේ කිසියම් සුපිරි ජිවිත පැවැත්මක සිටි කලාකරුවන්ට පවා අද එය තදින්ම දැනි ඇති සෙයකි.
”කලාකරුවන් හැටියට අන්ත අසරණ වෙලා තත්වයට වැටිලා ඉන්නේ ඇත්තම කිව්වොත් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තවදුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ.”

අවංකවම කිව්වොතින් කොවිඩ් 19 නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක යනුවෙන් ජනප්‍රිය ගායක නලීන් පෙරේරා පැවසු බව lankatruth .com වෙබ් අඩවියද වාර්තා කොට තිබුණි

නලින් එසේ පවසා තිබුනේ ඊයේ (03) කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවී කරන ලද සාකච්ඡාවකදීය. පවතින කොරෝනා තත්වය හමුවේ කලාකරුවන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දෙන ලෙස එම කලාකරුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)