Sunday, September 22, 2024

සුළි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය කිලිනොච්චියට සහ මුලතිව් වලට ..

Must read

( 2.00 pm ) ඊයේ (02) රාත්‍රියේ ගොඩබිමට ඇතුළුවුණු සුළි කුණාටුව අද (03) දහවල් වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ”බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය ඊයේ රාත්‍රි 10.30ත් 11.30ත් අතර කාලයේ දී මෙරට ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය.

සුළි කුණාටුව දිවයිනට ළගාවීමත් සමඟ ප්‍රදේශ රැසක වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඊයේ රාත්‍රියේ පැවතුණි.

ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙනි.

එය එය මිලිමීටර් 279.8 අගයකි.

මුලතිව්  මිලිමීටර් 224 ක්, ඔඩ්ඩුසුඩාන් මිලිමීටර් 202ක්, පදවි සිරිපුර මිලිමීටර් 199ක්, උඩයර්කට්ටු මිලිමීටර් 190ක් හා වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 186ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම පැවති සුළං තත්ත්වයත් සමග ගස් කඩා වැටීම් සහ දේපල හානි කිහිපයක් ද වාර්තාවිය.

යාපනය, කාරේනගර් ප්‍රදේශයේ මාර්ගය හරහා ජලය පැමිණ තිබු අයුරු “අද දෙරණ“ කැමරාවේ මෙලෙස සනිටුහන් විය.

ඡායා- තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)