Sunday, September 22, 2024

ධීවර යාත්‍රා ආරක්ෂා කරගැනීම සඳහා කඩිනම් උපදෙස්

Must read

( 6.15 pm ) කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති පදිරි අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස රජය සියලු පාර්ශව වෙත දැනුම් දී තිබේ. 

අද සවස් කාලය තුළ නැගෙනහිර දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත අඩු පීඩන සුළං ප්‍රවාහය සහ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිම දෙසට ඇදී ඒමේ අවදානමක් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු තිබේ 

මේ අනුව  මුහුදු වෙරළේ සහ තොටුපොළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා ගොඩබිම දෙසට ඇදගත හැකි උපරිම දුරකට රැගෙන විත් ස්ථිර ලෙස ගැටගසා තබන ලෙස උපදෙස් ලැබී ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී තිබේ

උතුරු හා  නැගෙනහිර පළාතේ සියලුම ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථිර ලෙස ගැට ගස තබන ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදිමට අදාල බලධාරින් විසින් පියවර ගෙන ඇත

මෙවැනි අනතුරුදායක අවස්ථාවක් යාත්‍රා විශාල ප්‍රමාණයක් හානි වීමෙන් වළක්වා ගැනීම සඳහායි එම උපදෙස් කඩිනමින් ලබා දී ඇතැයි වැඩිදුරටත් සදහන්ය
newscenter.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)