Sunday, September 22, 2024

ශ්‍රිලංකාව අවදානම් ! සංචාරකයන්ට අනතුරු ඇඟවිමක්!

Must read

( 11.05 am ) ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලා ඇතැයි මාධ්‍ය ගණනාවක් විසින් වාර්තා කොට තිබුණි

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමේ පවතින බව පවසන එම මධ්‍යස්ථානය ගුවන් තොටුපොල, ප්‍රවාහන මාධ්‍ය, නවාතැන්පොලවල් වැනි ස්ථාන සංචාරකයන්ට කොරෝනා වැලඳීමේ ඉහළම සම්භාවිතාව ඇති ස්ථාන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථානය යනු ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය අධිකාරිය වේ.
මේ අතර පසුගිය කාලය තුල මේ රටේ පාලකයන් උදම් ඇනුවේ කොරෝනා ඉතා හොදින් පාලනය කළ දෙවන රට යැයි කියමිනි.
එපමණක් නොව ජනාධිපතිවරයාම කියා සිටියේ වෙනත් රටවල් කොරෝනා පාලනය කරපු හැටි ගැන කියන අය තමන් ලංකාවේ එය පාලනය කළ අන්දම කතා නොකරන බවය.මේ රැවිටිලි කතාවලට දැන් ජාත්‍යතර වශයෙන්ම පිළිතුරු ලැබි තිබේ.
විමල් විරවංශට අයත් යැයි සැලකෙන ලංකා සි නිව්ස් වෙබ් අඩවියේද ලංකාවේ අවදානම ගැන දිර්ඝ විස්තරයක් පළකර තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)