Sunday, September 22, 2024

“ගුරු විදුහල්පතිවරුට අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් නෑ”

Must read

( 7.15 am ) ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය අයවැයට පෙර ප්‍රකාශ කළද මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති සංගම් එක්ව සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් ඊයේ (01 ) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි.
රටේ පවතින කොවිඩ් වසංගතය හේතුකොටගෙන ගුරු විදුහල්පති සංගම් වළ නියෝජිතයන් පමණක් සහබාගි කරගත් බව ද එම ගුරු සංගම් නියෝජිතයින් පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අය වැයෙන් මුදල් වෙන් නොකිරීම, ජී.එල්.පීරිස් ඇමතිවරයා ගුරු විදුහල්පති වරුන් නොමග යැවීමට , අධ්‍යාපනය සදහා 6% ක් වෙන් නොකිරීමට එරෙහිව ඉදිරියේ දීද සිය විරෝධය දක්වන බව මෙම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් පවසයි.
මෙම විරෝධතාවය අතරතුර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එතනට පැමිණියේය.

lankaweb .lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)