Sunday, September 22, 2024

‘කෝවිඩ් පාසල්වලට අදාළ නැද්ද?’ පෙ.ස.ප. දිවයින පුරා විරෝධතාවල

Must read

( 12.55 pm ) වසංගතයට අදාළව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර නොගෙන පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට විරෝධය පළ කරමින්, ‘කෝවිඩ් පාසල්වලට අදාළ නැද්ද?’ යන තේමාවෙන් අද දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ආණ්ඩුව වසංගතය පැතිරෙන්න කෙසේද යන්න තීරණය කිරීමට පාසල් සිසුන්ව සහ ගුරුවරුන්ව පරීක්ෂණාගාර මීයන් බවට පත්කර ඇති බවයි. පාසල් විවෘත කළ යුතු බව තම පක්ෂයද විශ්වාස කරන නමුත් පාසල් විවෘත කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර එය සිදුකළ යුතු බව පුබුදු ජයගොඩ පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පළකරන ලද අදහස් පහත දැක්වේ,
“මූලික පෙර සූදානම් කිසිවක් නොමැතිව නොවැම්බර් 23වනදා රජය පාසල් විවෘත කළා. උදාහරණයකට සිසුන්ට මුඛ ආවරණ පිළිබද ගැටළුවක් තියෙනවා නමුත් දුප්පත් පාසල්වල සිසුන්ට මුඛ ආවරණ ලබාදෙන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසාම මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ හැකියාවකුත් රජයට නැහැ. විෂ බීජ නාශනය සහ අත සේදීම පැත්තෙන් ගත්තොත් ඒක කරන්න බැරි පාසල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් වුණු ඩලස් අලහප්පෙරුමම කියලා තියෙනවා පාසල් 683ක ජල පහසුකම් නැහැ කියලා. පසුගිය කාලයේ ඇතුලත ජල පහසුකම් ලබාදීම සිද්ධ වුනෙත් නැහැ. ඒ වගේම මීටරයක පරතරය පාසල් ඇතුලේ තියාගන්නවනම් මේ විදිහට පාසල් විවෘත කරන්න බැහැ. දැනට රජය කියලා තියෙන්නෙ 7 ශ්‍රේණියේ සිට උසස් පෙළ පන්ති විවෘත කරන්න කියලා. සමහර පාසල්වල ප්‍රාථමික පන්ති නැහැ. ඒ පාසල් තියෙන්නෙම 6, 7 වසරේ පටන් උසස් පෙළ පන්ති දක්වා. එවැනි පාසල් පටන් ගන්නවා කියන්නේ පාසලේ සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව පාසලට එනවා. මේ පන්ති කාමර ඇතුලේ සමාජ දුරස්ථ භාවය රැකගන්න බැහැ. ඒ වගේම ශිෂ්‍යයෙක් ලෙස වුණොත් එහෙම එම ශිෂ්‍යාට අවශ්‍ය මැදිහත්වීම කරන්න සෞඛ්‍යාරක්ෂිත උපකරණ අවම වශයෙන් එක පාසලකට එක බැගින්වත් නැහැ. ඒ නිසා ගුරුවරුන්ගේ ශිෂ්‍යන්ගේ ජීවිත අවදානමකට ලක්වෙලා තියෙන්නේ. පාසල්වල භාවිතා වන සෞඛ්‍ය රෙගුලාසි මොනවද යන්න ගැන නීතියක් නැහැ. ඒවා ගැසට් කර නැහැ. පාසල්වල අවම වශයෙන් සබන් , විෂබීජ නාශක ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම පාසල්වල ප්‍රවාහනය සම්බන්ධයෙන් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. අවම වශයෙන් මේ සඳහා සිසු සැරිය බස් ප්‍රමාණය දෙගුණ කළයුතුව තියෙනවා. පාසල් ශිෂ්‍යයෝ සහ ගුරුවරු සඳහා දුම්රිය වෙන් කිරීමක් කරලා නැහැ.

ඒ වෙනුවට මේ වසංගතය පැතිරෙන්නේ කොහොමද කියලා තීරණය ගන්න ආණ්ඩුව පාසල් සිසුන්ව සහ ගුරුවරුන්ව පරීක්ෂණාගාර මීයෝ බවට පත්කරලා. මේ තත්ත්වයට අපි සම්පුර්නයෙන් විරුද්ධයි. අපි කියන්නේ පාසල් ශිෂ්‍යන්ගේත් ගුරුවරුන්ගේත් ජිවිත අවදානමේ හෙළීමක්. පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා මාධ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවක් තියලා දෙමව්පියන්ගෙන් ඉල්ලුව ළමයින්ව පාසල්වල එවන්න කියලා. ඇමතිවරයා මාධ්‍යවේදීන් ඉදිරියට යන්න බයේ zoom හරහා තමයි මාධ්‍ය හමුව තිබ්බේ. හැබැයි අධ්‍යාපන ඇමතිවරයා දෙමව්පියන්ට කියනවා දරුවන්ව බස්වල කොච්චිවල හිරවෙලා පාසල් එවන්න කියලා.

අපිත් හිතනවා පාසල් විවෘත කළ යුතුයි. නමුත් පාසල් විවෘත කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය රෙගුලාසි හදලා ඒවා ක්‍රියාත්මක කරලා ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා අවශ්‍ය පුහුණුවීම් කරලා හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය උපදෙස් දීලා පාසල් ආරම්භ කළ යුතුයි.

රජය මුලින් 23වැනිදා පාසල් විවෘත කරන්න කියලා 20වැනිදා චක්‍රලේඛයක් ගැහුවා. එම චක්‍රලේඛයේ තියෙනවා සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂවරු, ප්‍රවාහන අංශ මේ ඔක්කොම එකට එකතු කරලා කමිටුවෙන් තීරණ ගන්න කියලා. 20 වැනිදා කමිටුවක් හදල 23වැනිදා ඉස්කෝල අරින්න වැඩ කරන්නේ කොහමද? මේක විහිළුවක්.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අද සවස්වරුවේ රටේ ප්‍රධාන නගර ගණනාවකම මේ විදිහට උද්ඝෝෂණය කරලා ආණ්ඩුවට බල කරනවා පාසල් විවෘත කිරීමේදී පාසල් ශිෂ්‍යන්ගේ, ගුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකියන්න. ඒකට අවශ්‍ය රෙගුලාසි සකස් කරන්න. සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපාදන වසංගතයක් හමුවේත් කප්පාදු කරලා තියෙනවා. ඒවා වැඩිකළ යුතුයි. ඒවගේම නිශ්චිතවම පාසල් විවෘත කිරීමේදී අවශ්‍ය පහසුකම්වලට අදාළ සියලු ප්‍රතිපාදන පාසල්වලට ලබාදෙන්න. අපි බලාපොරොත්තු වෙනවා මෙම විරෝධතාවයේ ඊළඟ පියවර ලෙස සිසු ගුරු දෙමව්පිය කමිටු නිර්මාණය කරලා පාසල්වලට අවශ්‍ය ආරක්ෂාව සලසන්න. ඒවගේම අපි ජනතාවට කියනවා අධ්‍යාපනයේ අයිතිය සෞඛ්‍ය සේවයේ අයිතිය වගේම ජිවිත අරකෂා කරගැනීම උදෙසා පෙළගැහෙන්න. ඒ සඳහා පාසල් මට්ටමෙන් ප්‍රාදේශීය මට්ටමෙන් කමිටු නිර්මාණය කමිටු නිර්මාණය කරගෙන තමන්ගේ ආරක්ෂාව සඳහා පෙළ ගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “

මහරගම

රත්නපුර

වලස්මුල්ල

බදුල්ල

අනුරාධපුර

මුලාශ්‍රය – ලංකාවිව්ස්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)