Sunday, September 22, 2024

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 53 දක්වා ඉහලට ..

Must read

( 10.15 am ) අද (30) උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අද දෙරණ වාර්තා කොට තිබේ

ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා ද සමගය.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ ආසාදිතයින් 167ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇත.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 19,942ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 13,594ක් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් අකුරැස්ස, ගොතටුව, මරදාන, කොළඹ 02, හලාවත, කොළඹ 13 සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියේය. 

අද දිනයේ දී ඉන්දියාවේ සිට පුද්ගලයෙක්,  දෝහා කටාර් සිට පුද්ගලයින් 21ක්, කොරියාවේ සිට පුද්ගලයින් 275ක්, ජපානයේ සිට පුද්ගලයින් 53ක් මෙරටට පැමිණ ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම පාකිස්ථානයේ සිට පුද්ගලයින් තිදෙනෙක් මෙරටට පැමිණීමට නියමිතය.

අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 54ක පුද්ගලයින් 5,537ක් නිරෝධායනය වෙමින් සිටී.
මුලාශ්‍රය – අද දෙරණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)