Sunday, September 22, 2024

වෛද්‍යවරයෙකුට කොවිඩ් : මුව ආවරණ නොමැතිව පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගීන්ට ප්‍රතිකාර කරලා

Must read

( 9.15 pm ) සෞඛ්‍ය ආරක්‍ෂිත ආකාරයෙන් තොරව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේඅඟුරුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධිය උසුලන මෙම ආයුර්වේද වෛද්‍යවරයා බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන අයෙක් වන අතර ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත

මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද PCR පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. කෙසේ වුවත් තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ

මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවටද සෞඛ්‍ය බලධාරීන් විසින් බරපතල චෝදනානක්ද ඉල්ල කර ඇත.
පසුගිය දින 14ක කාලය තුලදී මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස සලකන බවත් මේ වන විට ලැබෙන වාර්තා අනුව පුද්ගලයින් 1000-1500 ත් අතර පිරිසක් ඔහුගෙන් එම දින වකවානු තුල ප්‍රතිකාර ලබා ඇති බව වාර්තාවේ

මේ අනුව කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.
newswire.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)