Sunday, September 22, 2024

“දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීමට අප නව ප්‍රවේශයන් සෙවිය යුතුය “

Must read

දිවි පිදූ අපගේ ජනතාව හදවතින් සමරන අතර දෙමළ ජනතාවගේ ගැටලු විලට විසඳුම් සොයාගැනීමට  නව මාවත් විවෘත කරගත යුතුය.

වසර 30 ක යුද්ධයක් වෙනුවෙන් දිවි පිදූ දෙමළ ජනතාවට ගෞරව දැක්වීමේ දිනය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ (Democratic Fighters Party)  මාධ්‍ය ප්‍රකාශක කේ. තුල්සි මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින්  ඔහු කියා සිටියේ යුද්ධයේදි දිවිපිදූ දෙමළ ජනයාට නමස්කාර කරමින් අපගේ ජනයාගේ ගෞරවය හා සුරක්ෂිත පැවැත්ම උදෙසා නව දේශපාලන මං පෙත් විවර කරගත යුතු බවයි.

තම පක්ෂයේ අනාගත දේශපාලන සහ වර්තමානය පිළිබඳව ඔහු තවදුරටත් අදහස් දක්වන ලදී.

”ලෝකයේ පීඩනයට එරෙහි සියලු අරගල පිළිගැනීමට ලක් වූයේ ජයග්‍රහණයෙන් පසුවය. එතෙක් එවැනි අරගල අන්තවාදී හා ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගසා ඉතිහාසය තුළ අපකීර්තියට පත් කර තිබේ.

තමන්ගේ ළමා කාලය , අධ්‍යාපන සිහින අතහැර දමා දෙමළ ජනයාට ගෞරවයෙන් හා සුරක්ෂිතව ජීවත් වීම වෙනුවෙන් සටන් කළ සියලුම තරුණ තරුණියන් මානව විමුක්තියට ආදරය කළ අයයි. ඔවුන් සිහිපත් කිරීම හා නමස්කාර කිරීම , කෘතඥතාවය පළකිරිම අපට සැනසීමක් ගෙන දෙන බව සත්‍යයකි. ඒ හැරෙන්නට, එම මතකයන් අපට ආරක්ෂාවට අවදානමක් ඇති කරන බව මා සිතන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ වත්මන් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ එය ශක්තිමත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ගැන අප සලකා බැලිය යුතුය. යුද්ධය අවසන් කළ අය දැන් සර්වබලධාරීව රට පාලනය කරනු ලබයි. යුද්ධ කරපු පුද්ගලයන් තමයි සාමය ගෙන ඒමට වඩා සුදුසු. එබැවින්, දෙමළ ජනයාගේ අයිතිවාසිකම්, සහ ජාතියේ අනාගත පැවැත්ම සුදුසු දේශපාලන ක්‍රම මගින් සහතික කිරීම ගැන අපි ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ යුතුය.
ත්‍රිවිධ හමුදාව විසින් මුල්ලිවයිකාල් හි දී දෙමළ ජනතාව නිහඬ කිරීමෙන් පසුව ද දෙමළ ජනතාවගේ දේශපාලන ගැටුම විසඳී නැත. ඒ සඳහා වන ප්‍රවේශයන් ද යහපත් නොවේ.

දෙමළ දේශපාලන නායකත්වය විසින් දකුණේ දේශපාලන නායකයන් සමඟ සිදුකරන කටයුතු අතිශය දේශපාලනීකරනය වී ඇති අතර ඒවා අපගේ ජනතාවට කිසිදු ප්‍රතිපළයක් ගෙන දෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා පීඩාවට පත්ව සිටියදී දහස් ගණනක් මිනිසුන් සමූල ඝාතනය කරන විට ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට ආයුධ ලබාදෙන ලදී. නමුත් අපගේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඔවුන් අපට මාර්ගයක් හෝ ක්‍රමවේදයක් ලබා දී නැත. ඉන්දියාව අපට සැලකුවේ ඔවුන්ගේ කලාපීය අවශ්‍යතා අනුව ය.

දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයේදී 40,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර මිලියන ගණනක් අහිංසක ද්‍රවිඩයන්ට අද විවිධ රටවල සරණාගතයින් ලෙස ජීවත්වීමට සිදුවීම අපට සිදුවූ බේදවාචකයයි.
එවැනි බේදවාචකයකින් පසුව පවා දෙමළ ජනයාට සිදුවූ අයුක්තියට පිළියම් සෙවීමකින් තොරව ඉන්දියාව සිය කලාපීය දේශපාලන අවශ්‍යතා සදහා විසඳු සොයන ආකාරය ඉතා කණගාටුදායකය.
මෙම තත්වය තුළ, දේශපාලන වශයෙන් අපගේ දුක්ඛිත තත්වය නොතකා, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේදී දෙමළ දේශපාලන නායකත්වයේ නියෝජනය කෙතරම් සදාචාරාත්මකද යන්නත් ප්‍රශ්නකාරීවේ.

ආසියානු කලාපීය බලවතුන් සමඟ දෙමළ ජනතාවගේ දේශපාලන ගමන් මග හසුරුවා ගැනීම අපගේ ජාතියේ අභිලාෂයයි. මෙම අවස්ථාවෙහිදී, අපගේ ජනතාව, වීරෝදාර දෙමාපියන් සහ වියෝ දුකින් පෙළෙන අය වෙනුවෙන් අර්ථවත් හා අව්‍යාජ දේශපාලන ගමනක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ වටිනා ජීවිත කැප කළ සටන්කරුවන් සමඟ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ජනතාව එක්සත් කිරීමට මෙම සුවිශේෂී අවස්ථාව අපි භාවිතා කරමු.”


දේවා
citizenpostlk.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)