Sunday, September 22, 2024

පොලිස් පොකුර 1500 ඉක්මවයි !

Must read

( 7.30 am ) කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග එම භූමිය සම්පූර්ණයෙන්ම දින දාහතරකට හුදෙකලා කිරීමට ඊයේ (25 වැනිදා) පස්වරුවේ තීරණය කෙරුණ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

පොලිසියේ කොවිඩ් පොකුර ඊයේ (25 වැනිදා) වන විට 1500 ඉක්මවා යාමත් වැඩිපුර පිරිසක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් වාර්තා වීමත් නිසා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකායට පවරා ඇති බැව් වැඩිදුරටත් එහි සදහන්ය

පොලිස්පති චන්දන වික්‍රමරත්න හා සෞඛ්‍ය අංශ දුන් උපදෙස් මත මෙම හුදෙකලා කිරීම කර ඇත.

මේ අනුව නිල නිවාස 170ක්ද, පොලිස් මධ්‍යම අවි ගබඩාව, පොලිස් කැරලි මර්දන හා ජල ප්‍රහාර ඒකක, පරිසර කොට්ඨාසය, ක්‍රීඩා කොට්ඨාසය, සංස්කෘතික කණ්ඩායම, කොවිඩ් මර්දන විෂබීජහරණ ඒකකය, තූර්ය වාදක කණ්ඩායම ද හුදෙකලා කෙරේ.

මෙහි රාජකාරි කළ අටසියයක පමණ ප්‍රමාණයක් හා නිල නිවාසවල සිටි අය සමග දහසකට වැඩි පිරිසක් හුදෙකලා කර නිරෝධායනය කර ඇත.

දිනපතා නිවෙස්වල සිට පැමිණි පොලිසියේ 210ක් නිවෙස්වලට යවා නිවෙස්වල අය සමගම නිරෝධායනයට ද යොමුකර තිබේ.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රියැදුරකු, කාන්තා නිලධාරිනියක ඇතුළු හත්දෙනකු ඊයේ (25 වැනිදා) දිනයේ ආසාදිතයන් ලෙස වාර්තා විය.

ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නිවාසවල පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයකුටද පෙරේදා (24 වැනිදා) කොවිඩ් වැලඳී තිබිණි.

නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ වූ ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ හුදකලා කළ පිරිස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ සමුපකාර මගින් නිවෙසටම ගෙන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)