මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ ප්‍රකාශ කර තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දිගින් දිගටම දෙමව්පියන්, පාසැල් කමිටු විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව මහනුවර නගර සිමාවේ පාසැල් 45ක් අද සිට වසා තැබෙනු ඇත.මේ අතර රටේ ස්ථාන කිපයකින් වාර්තා වු සිදුවිම් වලට අනුව පාසැල් පැමිණ ඇති දරුවන්ගේ පවුල් වලින් කොරෝනා අසාදිතයන් හමුවි තිබේ.මේ එක් සිදුවිමකදි පාසැල්ට දරුවන් ඇරලවා තිබුන දෙමව්පියන් කොරෝනා වැළදි තිබුන බව පසුව වාර්තා විය.ගුරු සංගම් විසින් රජය පාසැල් විවෘත කිරිමට ගනු ලැබු තීන්දුව නිවරදිම එකක් නොවන බවට කරුණු දක්වා තිබුණි.