Sunday, September 22, 2024

‘ඉටුකම’ අරමුදලට නොදී ලක්ෂ 500ක වියදමින් රෝහල් වාට්ටුවක් ඉදිකළ සමාජ සේවකයා…

Must read

( 8.30 am ) කොරෝනා ආසාදිතයින් 100කට ප්‍රතිකාර කළ හැකි වාට්ටු සංකීර්ණයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරනු ලැබූ ව්‍යාපාරිකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

ඊයේ (18) දිනයේදී ජනතා අයිතියට පත් කරනු ලැබූ මෙම දෙමහල් ගොඩනැගිල්ල ගෝනාපීනුවල පදිංචි ආර්.කේ. කුලතිස්ස මහතා (87) සහ එම මහත්මිය (86) තම ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 500කට පමණ මුදලක් වැය කර මෙම වාට්ටුව ඉදිකර තිබේ.

හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙනුවෙන් ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ලේ රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වන අතර කොරෝනා ආසාදිතයින් 100 කට වැඩි පිරිසකට නේවාසික ප්‍රතිකාර ලැබිමේ පහසුකම්වලින් සහිත බව වාර්තා වේ.

ගෝනාපීනුවල දී උපත ලද කුලතිස්ස මහතා තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන අතර ඉන්ධන පිරවුම් හල්, පුවත්පත් බෙදාහැරීමේ ආයතන, සිල්ලර වෙළෙඳ සැල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාර ඔහු විසින් පවත්වාගෙන යනු ලැබේ. පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ සමඟ මේ ව්‍යාපාර දියුණු කර උපයාගන්නා ධනය පොදු කටයුතු සඳහා වැය කරන පරිත්‍යාගශීලින් දෙපලක් බවට ප්‍රකටය.

මෙම ගොඩනැගිල්ල විවෘතකිරීමේ අවස්ථාවට ආරාධිතයින් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එය ජනතා අයිතියට පවරනු ලැබිය. මේ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යතුළ පළවී තිබුුුුණි.
lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)