Sunday, September 22, 2024

හිටපු ධිවර ඇමතිගේ අමු මාළු කෑම ජාත්‍යන්තර මාධ්‍ය වල අවධානයට ..

Must read

( 7.30 am ) හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු ආහාරයට ගැනීම එංගලන්තයේ, ඇමරිකාවේ ඇතුලු විදේශ මාධ්‍ය රැසක අවධානය දිනාගෙන තිබුනා.

“කොරෝනා වසංගතයෙන් බිඳවැටුනු ධීවර කර්මාන්තය රැකගැනීමට හිටපු ඇමති අමුවෙන් මාළු අනුභවයට ගනී” යන හිසින් යුතුව එම මාධ්‍ය වාර්ථා පලවී තිබුනා.

2019 වසරේදී මතස්‍ය සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිළියන 268.2 ආදායමක් උපයා තිබූ අතර මතස්‍ය නිෂ්පාදන ලංකාවේ ප්‍රධන අපනයන අංග 10 තුලට ඇතුලත් වේ.

එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත් වීමෙන් 2016 වසරේදී යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් 2017 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා සිදුකල මතස්‍ය අපනයන පෙර වසරට සාපේක්ෂව 47% පමණ වර්ධනය වී තිබුනා
( උපුටා ගැනිම තිලිණ ජයසේකරගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)