Sunday, September 22, 2024

රජය සිනී අර්බූදයෙන් රැවුලයි කැඳයි දෙකම බේරා ගනීද?

Must read

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

( 11.55 am ) මහත් ආන්දෝලණයට ලක්ව  තිබෙන සීනි සඳහා වූ විශේෂ භාණ්ඩ බද්ද නැවත පනවනවාද යන්න රජය මේ වන තුරු තීරණයක් ගෙන නොමැත. සීනි ආනයනිකයන් විසින් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ ඔක්තෝබර් 13 දින මෙම බද්ද පණවන අවස්ථාව වන විට තමන් සන්තකයේ පවතින ටොන් 90,000 ක් පමණ වූ තොග සඳහා කිලෝවක් සඳහා රුපියල් 50/= ක් තීරු බදු ගෙවා තිබූ බවයි.  

මෙම තීරු බද්ද අඩු කළද තොග වෙළෙඳුන් මිළ අඩු නොකිරීම නිසා වෙළෙඳපොළේ  අදටත් සීනි අලෙවි වන්නේ රුපියල් 125/= කටයි.    කිසිදු පාරිභෝගිකයෙකුට රජයේ පාලන මිළ වූ රුපියල් 85/= සීනි ලබා ගැනීමට ද අද වනතුරු නොහැකි විය.   මෙම තීරු බද්ද අඩු කළද තොග වෙළෙඳුන් මිළ අඩු නොකිරීම නිසා වෙළෙඳපොළේ  අදටත් සීනි අලෙවි වන්නේ රුපියල් 125/= කටයි. කිසිදු පාරිභෝගිකයෙකුට රජයේ පාලන මිළ වූ රුපියල් 85/= සීනි ලබා ගැනීමට ද අද වනතුරු නොහැකි විය.

විශේෂ භාණ්ඩ බද්ද  පනවා දින 30 ක් ගත වූ පසු අදාළ වෙනස් කම් කළ හැකි වුවත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවා මෙම අරුබුදකාරී ගැටළුවට සම්බන්දයෙන් කිසිදු තීරණයක් නොගත් අතර අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කලේ අද අයවැය ලේඛණයට ප්‍රථම පෙරවරු 10.30 ට පවත්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ලබනු ඇති බවයි.   

තොග වෙළෙඳුන් ඉල්ලා සිටින්නේ තවමත් තමන් ලඟ ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් තොග ඇති බැවින් නැවත සීනි සඳහා රුපියල් 50/= තීරු බද්ද පනවන ලෙසත්, සීනි ආනයනය තහනම් කරමින් ආනයන අපනයන පාලක විසින් පනවා ඇති තහනම වහාම ඉවත් කරන ලෙසත්ය.   වෙළෙඳ ඇමතිවරයා ඇතුලු සතොස කළමණාකාරීත්වය අපේක්ෂා කරන්නේ පසුගිය මාසය තුළ ශත 25 බැගින් තීරු බදු ගෙවා ආනයනය කරන ලද ටොන් 14,000 ක් පමණ ප්‍රමාණයයෙන් ටොන් 12500 ක් රුපියල් 85/= මිළ ගණන් යටතේ සතොසට ලබා ගැනීමටය.   මේ අතරතුර මහා පරිමාණ සමාගමක් විසින් ආනයනය කරන ලද ශත 25 බැගින් තීරුබදු ගෙවූ ටොන් 28,000 නැවක් පිටත වරායේ නවතා ඇති අතර අදාළ තීරුබදු රුපියල් 50/= දක්වා වැඩි කළහොත් අදාළ සමාගම සීනි අලෙවි කරන්නේ කුමණ මිලකලටද යන්න අනෙකුත් සමාගම් විමසිල්ලෙන් සිටිති.   ‘එක් රටක් එක් නීතියක්’  
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)