Sunday, September 22, 2024

වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන්ට රු. 15,000ක දීමනාවක් ..

Must read

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියැදුරන් 3,085 දෙනකු සඳහා රජය මඟින් ලබාදීමට නියමිත රුපියල් 15,000ක දීමනාව මේ සතිය ඇතුළත ගෙවා අවසන් කරන ලෙස සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මියට ඊයේ (16) උපදෙස් දි ඇති බව දිණමිණ වාර්තා කර තිබේ

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියැදුරන්ට රුපියල් 15,000 බැගින් වූ දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, මෙම දීමනාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 462.75ක මුදලක් රජය වෙන්කර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව සඳහන් රියදුරන් බොහෝමයක් නිසි ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබීම හේතුවෙන් මෙම දීමනාව ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පැවැති අතර ඒ ගැන විශේෂ අවධානය යොමු කළ ඇමතිවරයා එලෙස ලියාපදිංචිය ක්‍රමවත්ව සිදුනොවූ රියදුරන්ගේ ලියාපදිංචිය කඩිනමින් විධිමත් කරන ලෙස ද අධ්‍යක්ෂ ජෙනරාල්වරියට උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සදහන් කළේ සංචාරක සංවර්ධන අධිකාරියට ලැබී තිබෙන අයදුම්පත් 4,313ක් අතරින් සුදුසුකම් සැපිරු 3,085 දෙනකුට 15,000 දීමනාව මේ සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අතර පූර්ණ කාලීන සංචාරක රියදුරන් 1,823 ක් සංචාරක බස් රථ රියදුන් හා රිය සහායකයන් 45 ක් ත්‍රීරෝදරථ රියදුන්ගේ 658 ක් හා සෆාරි රියදුරන් 559 ක් වෙති.

සංචාරක සංවර්ධන අධිකාරියේ පුහුණුව නොලැබූ රියදුරන් 359 දෙනෙකු ද මේ සඳහා අයදුම්කර ඇති අතර ඔවුන් කඩිනමින් ලියාපදිංචිය සඳහා යොමුකර ඇති බවද විජේසිංහ මහත්මිය කිවාය.

මීට අමතරව රුපියල් 20,000 ක දීමනාව ඉල්ලා තිබූ සංචාරක මාර්ගෝපදේශකයන් 1,998 දෙනෙකුට අදාල ගෙවීම් කටයුතු මේ වනවිට සිදුකර අවසන් බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සදහන් කළාය.
මුලාශ්‍රය- දිණමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)