Sunday, September 22, 2024

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය අඩපණ වි ඇත්තේ යොදන රසායන ද්‍රව්‍ය අවසන් නිසාලු….

Must read

( 8.00 pm ) කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කොට ඇති PCR යන්ත්‍රයට ක්‍රියා කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම PCR යන්ත්‍රය සඳහා යොදා ගැනීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොමැති වීමෙන් පසුගිය පැය 24ක කාලය තුලදී PCR පරීක්ෂණ සිදුකිරීමේ යම් ප්‍රමාදයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව එම රසායනික ද්‍රව්‍ය ලබා ගනු ලබන හොංකොං රාජ්‍යයෙන් අදාළ මිලදී ගැනීම් සිදුකර ඇති බවත් ඉදිරි පැය 24 තුලදී අදාළ එම රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ

දිනක් තුලදී මෙරට වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ ද මෙම යන්ත්‍රය මගින් වීමද විශේෂත්වත්වයකි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)