Sunday, September 22, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකරගැනිම විපක්ෂයේ දැවෙන ප්‍රශ්ණයක්ද. ?

Must read

රට මුහුණ දි ඇත්තේ දැවැන්ත අර්බුදයකටය. ඒ හමුවේ රජයේ මැදිහත්විම පිස්සන්ට හැතැම්ම නැති ගානට දැන් වැටි ඇති සෙයකි.
ජනාධිපතිවරයාගේ කථා ඇසුවිට හැගෙන්නේ ඔහුගේ වෘත්තියභාවයේ දිග පළලය.
තතු එසේව තිබියදි විපක්ෂයද මේ අරභයා සාමුහිකව බලපෑමක් කිරිමට මැදිහත්ව ඇති බවක් නොපෙනේ .
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)