Sunday, September 22, 2024

ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න

Must read


ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින්  පවසයි.

ගැබිණි මව්වරුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවදානම් සහිත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කුසේ සිටින බිලිඳා ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන්වීම, වලිප්පුව ආදී ඕනෑම අවදානම් රෝග ලක්ෂණයන් පවතී නම් වහාම ලඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇත.

එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු කරුණක් නිසා එය ප්‍රමාද නොකළ යුතු බවත් රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ගර්භණි සටහන්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සලකනු ලැබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)