Sunday, September 22, 2024

මුලතිව්හිදි මාධ්‍යවේදින්ට පහරදිම වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය හෙළා දකි.

Must read

මුලතිව් දිස්ත්‍රික්කය දැඩි හමුදාකරණයකට යටත් වී තිබියදී සිද්ධවන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමල මාධ්‍යවේදීන් දෙදෙනකුට දව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී තිබේ.මේ පහරදිම හේතුවෙන් එක් මාධ්‍යවේදියෙකුගේ දත් දෙකක් කැඩි ගොස් තිබේ.

දැව ජාවාරම්කරුවන් විසින් එල්ල කරන්නට යෙදුන මේ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදින් සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ


මාධ්‍ය නිවේදනය

මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ යාපනය ජනමාධ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන තවසීලන් සහ කනපතිපිල්ලෛ කුමනන් යන දෙදෙනාට එරෙහිව සිදු වූ පහරදීම වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකී.

 ජනමාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවතත් හිස ඔසවමින් ඇති අතර මාධ්‍යවේදීන්ට එරෙහිව නව තර්ජන රැල්ලක්  මතුවෙමින් තිබිම ඉතා පැහැදිලි ලෙසින් මේ වන විට දකින්නට තිබේ.

විශේෂයෙන්ම මේ ප්‍රහාරයන් පිටුපස වැලිජාවාරම්කරුවන් මෙන්ම පරිසරය විනාශකරමින් දැව ජාවාරමේ යෙදි සිටින්නන් සිටින බව ඉතා පැහැදිලි කරුණකි.

පසුගිය දා මොනරාගල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට මේ ආකාරයෙන්ම මැර ප්‍රහාරයක් එල්ලවි තිබුණ අතර ඒ පිටපස සිටින්නේද වැලි ජවාරම්කරුවන් බව හෙළි වි ඇත.

පසුගිය කාලවකවානුව තුළ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ජනමාධ්‍ය නිදහසට එරෙහිව රජයෙන් බලපෑම් එල්ල වූ ආකාරය අමුතුවෙන් කියා මතක් කළ යුත්තක් නොවේ.

විශේෂයෙන්ම ජනමාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය සේවයකයන් 41 දෙනෙකුගේ ජිවිත අහිමිවූ අතර  ඉන් 39 දෙනෙකුම උතුර නැගෙහිර පළාත් නියෝජන කළ අය බවද  අමතක නොකළ යුත්තකි.

ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් එල්ල වීමත්, එල්ල වූ තර්ජන නිසාවෙන් බොහෝ ජනමාධ්‍යවේදීන් රට හැර යාමේ තත්ත්වයක් මින් පෙර කාලවලදී උදා වූ බව නොරහසකි.

මුලතිව් පහරදීම සිදුකළ  මැරයන් ශ්‍රී ලංකා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව මෙයාකාරයෙන් දැව සඳහා ගස් කැපීමේ ජාවාරමේ නිරතව සිටින බව පහරදීමට ලක් වූ මාධ්‍යවේදීන් අවධාරණය කර තිබේ.
නැවතත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව රජයේ යාන්ත්‍රණයේ සහයෝගය ඇතිව සිදුකෙරෙන පහරදීම් ‍යහපත් අනාගතයක් සඳහා වූ සතුටුදායක ප්‍රවණතාවක් නොවන බව අවධාරණය කළ යුතුව ඇත.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නිසි දඩුවම් දිමටත් මාධ්‍යවේදින්ට මේ  ආකාරයෙන් එල්ල වන සියළු ආකාර මැර ක්‍රියා මැඩපැවැත්විම සඳහා රජය සිය පුර්ණ වගකිම භාර ගතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

කැඳවුම්කරු,
ප්‍රෙඩී ගමගේ.

ලේකම්,
කැලුම් ශිවන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)