Saturday, September 21, 2024

බෝට්ටුවකින් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ 10 දෙනෙකු අත්අඩංගුවට…

Must read

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, ඊයේ (16) රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නීතිවිරෝධී සංක්‍රමණ සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු සහ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සහ මුර සංචාර සිදු කරන අතර මෙවැනිම මෙහෙයුමකදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නෞකාවේ P 175 දරණ වෙරළ මුර යාත්‍රාව ඊයේ කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බැව් එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක්, වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට අඩු තවත් පුද්ගලයින් 04 දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සිටින බව සඳහන්ය.

සැකකරුවන් පේසාලේ, ඌරුමලෙයි, කිලිනොච්චිය සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)